ජූනි 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය පරිසර හිතකාමී ආකර්ශනීය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ජූනි 24, 2024

    කොළඹ දී පැවැති තෙත්බිම් උද්‍යාන සමුළුවට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙසත්, පරිසර හිතකාමී ආකර්ශනීය තිරසර සංචාරක කලාපයක් ලෙසත් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. 

    එමෙන්ම, සීතාවක තෙත් කලාපීය උද්භිත උද්‍යානය පරිසර හිතාකාමී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද කටයුතු කර ඇත. ලොව සුවිශේෂී සංචාරක සංකල්පයක් වන තිරසර සංචාරක කලාපයක් බවට පත් වු ශ්‍රී ලංකාවේ දෙවැනි කලාපය වන්නේ සීතාවක තෙත් කලාපය වේ. පසුගිය දා පැවති පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු සබැදි සමුළුවට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හා සීතාවක උද්භිත උද්‍යානය පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස නම් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
    තෙත් බිම් සමුළුව සඳහා දිවයිනට පැමිණි රටවල් 15ක පරිසරවේදීන් සියයකට අධික පිරිසක් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක උද්භිත උද්‍යානය හා කලටුවාව ජලපිරිපහදු මධ්‍යස්ථානය ඇතුළු ආකර්ෂණීය සංචාරක ස්ථානවල විශේෂ සංචාරයකට එක්විය.

    දුම්රිය ගමන අතරතුරදී කොළඹ ගෝල්ෆ් ක්‍රීඩාගංණය සහ කිතුල් කන්ද ආශ්‍රීත පරිසර පද්ධතිය ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය. සීතාවක උද්භිත උද්‍යානයේ පිහිටුවා තිබූ සමරු පලකය නිරාවරණය කළ අමාත්‍ය ආචාර්ය බඳුනු ගුණවර්ධන මහතා  සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම   නිල වශයෙන් සනිටුහන් කළේය. ඒ අනුව ලොව සුවිශේෂී සංචාරක සංකල්පයක් වන තිරසර සංචාරක කලාපයක් බවට පත් වු ශ්‍රී ලංකාවේ දෙවැනි කලාපය බවට සීතාවක තෙත් කලාපය පත්වේ.
    එහිදී උත්සව සභාව ඇමතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඉතාමත් ඉහළ ජෛව විවිධත්වයකින් යුතු, පාරිසරික වශයෙන් ඓතිහාසික වශයෙන් භූගෝලීය වශයෙන් ඉතාමත් සුවිශේෂී භූමි කලාපයක් වන සීතාවක පුරවරයට සංචාරක කලාපයක් ලෙස ඉතාමත් සුවිශේෂී වැදගත්කමක් හිමිවන බවයි. කලකට පෙර සිතාවක උද්භිද උද්‍යානය පිහිටුවීම සඳහා වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්,හිටපු කතානායකවරයකු වන ගීතාංජන ගුණවර්ධන මහතාත්,හිටපු සංචාරක අමාත්‍යවරයෙකු වන ගාමිණි ලොකුගේ මහතාත් සුවිශේෂී කැපවීම සිදුකර තිබෙනවා. මෙම ප්‍රදේශය තවදුරටත් දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තම සංකල්පයකට අනුව සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය ආරම්භ කිරීම එහි තවත් එක් සුවිශේෂි කඩඉමක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ තුළින් සිදුවූ දෙස්, විදෙස් සංචාරකයින්ගේ වර්ධනයත්  ප්‍රදේශයේ ජනතාවගේ නිමැවුම, ආදායම,සේවා නියුක්තිය,මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම්, ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි ඉතාමත් හිතකර බලපෑමක් ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.සමඟ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මෙවැනි සංචාරක කලාප හදුනා ගැනීම අත්‍යාවශ්‍ය බවත් ලෝකයේ පරිසර හිතකාමී සංචාරක ආකර්ශනය ශ්‍රී ලංකාවට ලබා ගැනීම මෙවැනි වැඩසටහන් වල අරමුණ බවත්, දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිවීම තුළින් ප්‍රදේශයේ ආර්ථිකය මෙන්ම රටේ ආර්ථිකයද යහපත් වන බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට දායකවීම තුළින් අනාගතයේදී ඇල්ල, හික්කඩුව වැනි සුවිශේෂී සංචාරක ගමනාන්තයන් අතරට සීතාවක පුරවරයද එක්වනු ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඉදිරියේදී රට තුළ මෙවැනි සංචාරක කලාප වැඩි වශයෙන් ආරම්භ කිරීම අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.
    බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා ප්‍රකාශ කළේ නව සංචාරක ගමනාන්තයක් සදහා කේන්ද්‍රස්ථානයක් වශයෙන් මුළු ලෝකයේම අවධානය දිනාගත් සංචාරක ප්‍රදේශයක් බවට සීතාවක පුරවරය පත්කිරීම මෙහි අරමුණ බවයි. මේ වන විටත් බස්නාහිර පළාතේ සංචාරක ගමනාන්ත, අප්‍රකට සංධිස්ථාන ලෝකයටම රැගෙන යන Westen Province of Sri Lanka යන වැඩසටහන ජපානය, ඉන්දියාව, ඉතාලිය, බ්‍රසීලය, චීනය ආදී රටවල්වලට හදුන්වා දී ඇති අතර එම රටවල්වල විශේෂ අනුග්‍රහයද මේ සදහා හිමි වන බව ද සභාපතිවරයා සදහන් කළේය.
     නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් හා මග පෙන්වීම ද සහිතව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
     විදේශ වලින් පැමිණි සියකට අධික පරිසරවේදීන් ඇතුළුව මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී වී. එස්.පොල්වත්තගේ මහතා ඇතුළු ආරාධිතයින් රැසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya