සැප්තැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන්සේවා කර්මාන්තයට අමිල මෙහෙවරක් ඉටුකර සුගත් නාගහවත්ත මහතා දැයෙන් සමුගනී

    ජූනි 24, 2024

    රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ, පුහුණු ආයතන සහ පිරිස් බලපත් අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි සුගත් නාගහවත්ත මහතා හදිසියේ අභහවප්‍රාප්ත විය.

    හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකල ඒ මහතා, දිවියෙන් සමුගන්නා විට 54 වියේ පසුවිය.

    දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට දින (25) උදෑසන 8.30 සිට අනිද්දා දින (26) සවස 3.00 දක්වා බොරැල්ල, පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු ජුනි මස 26 දින සවස 3.00 බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව ඇත.

    ගුවන් ගමන් පාලක වරයෙකු ලෙස ද කටයුතු කල ඒ මහතා පසුව සිවිල් ගුවන්සේවා අධිකාරිය සමගින් එක්වී ගුවන්සේවා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නියාමන කාර්යභාරයේ නිරත වෙමින් සුවිශේෂී මෙහෙවරක් කල අයෙකු ලෙස ගුවන් කර්මාත්යේ නිරත සියළු දෙනා හඳුන්වයි.

    නාලන්දා විද්‍යාලයේ ආදිශීෂ්‍ය යෙකු වූ නාගහවත්ත මහතා එම විද්‍යාලයේ ආදිශීෂ්‍ය සංගමයේ සභාපති වරයා ලෙස ද කලක් කටයුතු කලේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya