සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 වසරේ පළමු කාර්තුවෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

    ජූනි 23, 2024

    දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 වසරේ පළමු කාර්තුවෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම බද්ද හරහා සියයට 90ක් වූ ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවය.

    "මේක මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන බද්දක් නෙමෙයි. 2025 පළමු කාර්තුවෙන් පසුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඉතාම ධනවත් පිරිස මුළු සමාජයෙන් 10%ක් විතර. මෙම බද්දට මුහුණදෙන්න වෙන්නේ ඒ පිරිසට. 90%කට ජනතාවට තියෙන්නේ අය වෙන බද්දෙන් ලැබෙන ප්‍රතිලාභ. ඔවුන්ට වක්‍ර බදු ලෙස ගෙවන්න තිබුණ බදු ප්‍රමාණය අනාගතයේ දී අපිට අඩු කරන්න පුළුවන්. අනිත් 10% ගත්තත් ඔවුන්ට තියෙන පළමු වත්කමින් අය කිරීම වෙන්නේ නෑ. අනිත් වත්කම්වලින් සුළු ප්‍රතිශතයක් තමා රාජ්‍ය ආදායමට දායක වෙන්නේ. ඔවුන්ට දරාගන්න බැරි යෝජනාවක් අපි ගෙන එන්නේ නෑ. 90%ක ජනතාවට ප්‍රතිලාභ විතරයි. ගෙවීමට සිදුවන අයට මේකෙන් දීර්ඝකාලීනව යහපතක් සිදුවෙනවා. මේක වක්‍ර බද්දක් නෙමෙයි. මේක කාටවත් මාරු කරන්න බෑ. ගෙවන කෙනා දරාගත යුතුයි. ඒ නිසා මේක අවසානය එන්නේ පුංචි මිනිහාට කියනවා නම් ඒක වැරදියි."යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya