ජූනි 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ටික්ටොක් ෆේස්බුක් දාන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්න

    ජූනි 23, 2024

    කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සහ එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ඇති බව මේ පැමිණිල්ල මඟින් දක්වා ඇත. එය ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ්වවලින් පැමිණිලි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියා සිටී.

    මේ සම්බන්ධව ‘දිනමිණ’ කළ විමසුමකදී විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ එම පැමිණිල්ලට අනුව විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

    දැනට සිදු කර ඇති විමර්ශනවලට අනුව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හා රැප් සංගීතය යොදා ගනිමින් කරණීය මෙත්ත සූත්‍රය මෙලෙස විකෘති කර සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර ඇති බවත් එම අපරාධයට වගකිව යුතු පිරිස් හඳුනාගෙන ඊට එරෙහිව ඉක්මනින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසූ ඒ මහතා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් මෙලෙස විකෘති කරන ලද කරණීය මෙත්ත සූත්‍රය සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන බෙදාහැරීමෙන් වළකින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya