සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ යාපනය කේන්ද්‍රව පැවැත්වූ පළමු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව නාගදීපයේදී පැවැත්වේ

    ජූනි 23, 2024

    ලෝක තරුණ බෞද්ධ සංඝසභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පසුගියදා( 22) නාගදීප විහාරස්ථානයේදී පැවැත්වුණි.  මෙම උත්සව අවස්ථාව සඳහා කාම්බෝජය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, නවසීලන්තය, කැනඩාවථ තායිලන්තය, පාකිස්ථානය ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් 24ක ගිහි පැවිදි නියෝජිතයින් 300කට ආසන්න පිරිසක්  සහභාගීවී සිටියහ.

    බුදුන්වහන්සේගේ දෙවන ලංකා ගමනාගමනය සිදු වුණු මෙම පූජනීය පින් බිමේ මෙවැනි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් ලෙස තමන් දකින බව නාගදීප විහාරස්ථානාධිපති පූජ්‍ය නවදගල පදුම කිත්ති ස්වාමීන් වහන්සේ පැවසීය. එමෙන්ම අවුරුදු 30 ක යුද්ධයෙන් පසුව යාපනය කේන්ද්‍රව පවත්වන පළමු ජාත්‍යන්තර සංඝ සමුළුව මෙය බවත් උන්වහන්සේ ප්‍රකාශ කලහ.

    උතුරු පළාත විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය කිරීමත් සහ සහජීවනය ඇති කිරීමත් අරමුණු කරගනිමින් මෙම සුවිශේෂී වූ ජාත්‍යන්තර සමුළුව යාපනය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු කල බව සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන් පැවසුවේය.

    මෙම උත්සව අවස්ථාවට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් එළි දැක්වීමක්ද සිදු කරන ලදී. එසේම නාගදීප විහාරස්ථානය අවට පාසල් තුනක සිසු සිසුවියන් සඳහා නිල ඇඳුම් බෙදා දීමක්ද සිදු විය.

    මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya