සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්

    ජූනි 23, 2024

    තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු 7.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයේ සඳහන් වෙයි.

    ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා  හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශවල  සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 – 65 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන්ම හලාවත  සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 – 55 දක්වා වැඩි විය හැකිය.

    එසේම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා  හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

    හලාවත  සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකය.

    කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් එය ගොඩබිමට එන රළවල උස නොවන බවද සඳහන් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya