සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 20 කට අධික දළ වීථි වටිනාකමින් යුත් දේශීය ගංජා සමඟ සැකකරුවන් 02 ක් තිස්සමහාරාමයේදී නීතියේ රැහැනට

    ජූනි 22, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාවවෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව  පසුගියදා(20) තිස්සමහාරාමකිරින්ද ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීදේශීය ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරකට (104) අධික තොගයක් ප්‍රවාහනය සඳහා සූදානම් කළ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කැබ් රථයක් (01) අත්අඩංගුවට  ගැනීමට කටයුතු කෙරිණි.    

    මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම උදෙසා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

    ඒ අනුවදකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයවෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ කිරින්ද පොලිසිය එක්ව, 2024 ජුනි මස 20 වන දින රාත්‍රී කාලයේ තිස්සමහාරාමකිරින්ද ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී,  එම ප්‍රදේශයේ නවතා තිබූ කැබ් රථයකට සැකකටයුතු ලෙස පටවමින් තිබූ පොලිතීන් ඇසුරුම් තොගයක් පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී පොලිතීන් ඇසුරුම් හයක (06) තිබූ  දේශීය ගංජා කිලෝ 104 ග්‍රෑම් 815 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම කැබ් රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    අත්අඩංගුවට ගත් මෙම දේශීය ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විස්සකට (20) අධික වෙතැයි විශ්වාස කෙරේ.      

    තවදදේශීය ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 28 ක් වන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතරඑම සැකකරුවන් දෙදෙනා (02), දේශීය ගංජා තොගය සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කිරින්ද පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya