සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපය ඇරඹේ

    ජූනි 22, 2024

    ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දෙවැනි වරටත් පවත්වනු ලබන ධර්ම රශ්මි පොසොන් කලාපය ඊයේ ආරම්භ විය. පොසෙන් කලාපය අද සහ හෙට හෝමාගම ප්‍රදේශිය ලේකම් කොඨටාශයේදි පැවැත්වේ.

    ඊයේ 21 දාට යෙදුනු පොසොන් පුන් පොහෝදා ධර්ම රශ්මි පොසොන් කලාපය හරිත සරසවියේදී සවස 6.30ට විවෘත කෙරිණි.

    පොලිස් තූර්ය වාදක කණ්ඩායම සංගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් ඉදිරිපත් කරනබැති ගී සරණයද තෙදින පුරාම පැවැත්වේ.

    සර්වඥ ධාතු ප්‍රදර්ශන, තොරණ, දන්සල්, පෙරහර, බැති ගී සරණය, රූකඩ සංදර්ශන, බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙම පොසොන් කලාපයට ඇතුළත් වන අතර ඊට සමගාමීව බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායන, විවෘත හා පාසල්, දහම් පාසල් සිසුන්ගේ පහන් කූඩු තරගයක් සංවිධානය කර තිබේ.

    විවෘත අංශයේ පොසොන් කූඩු ප්‍රදර්ශනයේ මුදල් ත්‍යාග සඳහා ලක්ෂ 10ක් පිරිනැමෙනු ඇත. එම කාල සීමාව තුල පොසොන් කලාපය නැරඹීම සඳහා පැමිණෙන සැදැහැවත් සදහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

    අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්ම රශ්මි පොසොන් කලාපය ඊයේ21 දින විවෘර්ත විය.එහිදි අග්‍රමාත්‍යවරයා තුමා බැති ගී සරණය සහ ආලෝක පූජාව විවෘත කරන ලදී ඉන් අනතුරුව බත් දන්සල විවෘත කරන්නටද විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya