ජූනි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය අද සිට

    ජූනි 21, 2024

    පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධාන කරන හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය අද (21) සිට 23 වැනිදා දක්වා පැවැත්වේ.

    දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණය වන පරිදි කිලෝමීටර 13ක් පුරා පැතිරෙන පරිදි මෙවර පොසොන් කලාපය සංවිධානය කර ඇත. පොසොන් කලාපය සඳහා මුද්‍රිත හා ඩිජිටල් අනුග්‍රාහකත්වය ලේක්හවුස් ආයතනය මඟින් සපයනු ලැබේ. විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය සහ ජාතික ගුවන් විදුලිය මඟින් සපයනු ලැබේ. මේ පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් ලක්ෂ 40ක මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබේ. හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ධර්ම රශ්මි පොසොන් කලාපය සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya