ජූනි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් - ආගමික කටයුතු සඳහා උපරිම අනුග්‍රහය ලබා දෙනවා - අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා

    ජූනි 20, 2024

    පොසොන් පොහොය නිමිත්තෙන් මෙවරද  දිවයින පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද ( 20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  පොසොන් උත්සවය වෙනුවෙන් රජයේ සූදානම පිළිබඳව මාධ්‍යව්දියකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    ඒ අනුව අනුරාධපුර සිට මහින්තලයට බැතිමතුන්ට නොමිළේ ගමන් කිරීම සඳහා  අද (21) සිට (23) වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් යොදවා ඇතැයි  අමාත්‍යවරයා පැවැසීය.

    අනෙක් පොහොය දිනයන්හීද අනුග්‍රාහකයන් ඉදිරිපත් උනහොත් එම සේවාව ලබාදීමට බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.

    ඊට අමතරව අනුරාධපුර සිට ශ්‍රී මහා බෝධිය දක්වා විශේෂ බස් රථ සේවාවක් යොදා ඇති බවත් අනුරාධපුර සහ මිහින්තලාව දක්වා බස් රථ 400කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

    කොළඹ දිස්ත්‍රික්කය තුළද පොසොන් පොහොය නිමිත්තෙන් වැඩසටහන් පැවැත්වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා හෝමාගම, පිටිපන ,මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශයන්  කේන්ද්‍ර කර ගනිමින් පොසොන් කලාපයක් පැවැත්වෙන බවද පැවසීය.එසේම පිටිපන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී බත් දන්සැලක් පැවැත්වෙන බව පැවසූ අමත්‍යවරයා මෙවර පුද්ගලයන් ලක්ෂයක් සඳහා මෙම දන්සැල සූදානම් කෙරෙන බවද සඳහන් කළේය.තවද සෑම ප්‍රදේශයකම පසුගිය වරට සාපේක්ෂව දන්සැල් විශාල ප්‍රමාණයක් සංවිධානය කර ඇති බවද හෙතෙම පැවසීය.
    එසේම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු රාජ්‍ය ආයතන පොසොන් පොහොය නිමිත්තෙන් වැඩසටහන් සංවිධානය කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    මිහින්තලය , සිතුල්ලව්ව කේන්ද්‍ර කර ගනිමින් ජාතික රූපවාහිනිය සහ ස්වධීන රූපවාහිනී සේවය පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් විකාශය කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

    රජය විසින් සම්බන්ධ වෙනවා කියලා ජනාධිපතිවරයගේ දැන්වීම් පොස්ටර් ගහලා නැහැ. නමුත් ජනාධිපතිවරයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් යුද හමුදාව සහ ත්‍රිවිධ හමුව වගේම සෑම රජයේ දෙපාර්තමේන්තු,සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලත් ආගමික කටයුතු වලට දෙන්න පුළුවන් උපරීම අනුග්‍රහය ලබා දෙනවා. මගේ අමාත්‍යාංශය යටතේ අනුරාධපුරයේ ප්‍රධාන පොසොන් උත්සවයට විවිධ අනුග්‍රහයන් ලබා දී තිබෙනවා.මිහින්තලාව අනුරාධපුර නගරය ආශ්‍රිතව ගමනා ගමන මණ්ඩලය විසින් බස් රථ 400කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. දුම්රිය නැවතුම් පොළේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා විශේෂ ලංගම බස් රථ සේවාවක් යොදවලා තිබෙනවා. අටමස්ථානය වන්දනා කිරීම සඳහා වෙනම බස් රථ සේවාවක් යොදවා තිබෙනවා. අනුරාධපුරයේ සිට මහින්තලයේ හන්දිය දක්වා අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකළා කිලෝමීටර් 02ක් පමණ. ප්‍රේමදාස මහතාගේ යුගයේ දී ආරම්භ කර 1983 වහලා දාල සම්පූර්ණයෙන් අතහැර දමා තිබුණ මිහින්තලයේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරලා මිහින්තලයට වෙනකම් ආරම්භ කරලා අනුරාධපුරයේ සිට මිහින්තලයට දුම්රිය සේවාව ආරම්භ කළා. එහිදි 21,22, 23 කියන කිසිඳු ගාස්තු අය කිරීමකින් තොරව බැතිමතුන්ට අනුරාධපුර සිට මිහින්තලයට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. අනෙක් පොහොය දිනවල වලටත් අනුග්‍රාහකයන් ඉදිරිපත් උනොත් ඒ දුම්රිය සේවය දිගටම ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පොසොන් උත්සවය නිමා වීමෙන් අනතුරුව එය වෙනත් කාර්යයන් සඳහා යොදවනවා. ජාතික රූපවාහිනිය අනුරාධපුර පොසොන් උත්සවය සඳහාත්, ස්වාධීන රූපවාහිනිය සිතුල්පව්ව පොසොන් උත්සවය සඳහාත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රටේ සෑම ස්ථානයකම පවතින පොසොන් උත්සව සඳහාත් ප්‍රචාරය ලබා දෙනවා. යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දන්සල් සහ අනෙක් දේ සඳහා තමන්ගේ පූර්ණ ශක්තිය යොදවනවා. පොසොන් දන්සල් 20000කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා කියලා වාර්තා වෙනවා.ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වෙලා තිබෙන වැඩිම දන්සල් ප්‍රමාණය පවත්වන බවයි ඒ මගින් වාර්තා වෙලා තිබෙන්නේ. ඒ සඳහා පුද්ගලික අංශ, රාජ්‍ය අංශ සහය ලබා දෙනවා. අපි කොළඹ දිස්ත්‍රික්කය තුළ බියගම, පිටිපන, මීගොඩ, හෝමාගම, පනාගොඩ ප්‍ර දේශ ආශ්‍රීතව 21,22 සහ 23 පොසොන් කලාපයක් කිලෝමීටර් 13ක් ප්‍ර දේශය තුළ පවත්වනවා. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තුළ පසුගිය වසරේ 60000කට පමණ බත් දන්සලක් පැවැත්වුවා.  මේ වසරේ දී ලක්ෂයකට පමණ දන්සලක් පවත්වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya