අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. රජයේ වියදම් පියවා ගැනීමට මෙන්ම ණය ගෙවිම් කිරීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඉලක්ක දී ඇති බවත්, රට කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා ආදයම් ප්‍රවර්ධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ජාත්‍යන්තර අරමුදල හඳුන්වා දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම ක්‍රිියාමාර්ග ඒ අයුරින් ක්‍රියාත්මක වුවහොත් පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාරික නිදහස් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය නිදහස් කරන අවස්ථාවේදී ඉදිරි වර්ෂ වල රට පවත්වාගෙන යාම සඳහා දළ දේශිය නිෂ්පාදනයෙන් 0.2% ආදයම් ඉහළ නැංවීම කළ යුතු බවත් එම යෝජනා මේ වන විට සාකච්ඡා කරමින් යන බවත්ය.
පොදු ජනතාව මත පැටවෙන පීඩනය තව දුරටත් වැඩි කළ නොහැකි බවද අමාත්‍යවරයා කීය.