නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹදී

    ජූනි 20, 2024

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ලාංකීය සිනමා කර්මාන්තයේ පිබිදීමක් ඇතිකරලමින් ගෝලීය සිනමාකරණය මෙරට ප්‍රචලිත කිරීම මෙන්ම ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම සිනමා උළෙල පවත්වන බව දී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරය මේ බව කියා සිටියේය.


    ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සංචාර හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ඇමැතිවරයා කීවේය.
    මෙම සිනමා උළෙල මඟින් ඉරානය, ප්‍රංශය, ඉන්දියාව, දකුණු කොරියාව, චීනය, ජපානය හා ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක දේශීය හා විදේශීය සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට නැරඹීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සැලසෙන බව ඒ මහතා කියා සිටියේය.
    ඒ හරහා සිනමා විද්‍යාර්ථියන්ට ගෝලීය සිනමාකරණය පිළිබඳ පුළුල් අවබෝධයක් හා අද්දැකීම් ලබා ගැනීමේ මහඟු අවස්ථාවක් උදාවන බව හෙතෙම කීවේය.
    ඒ අනුව එකී සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් පැවැත්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බවද ඇමැතිවරයා පැවැසීය.
    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
    ලෝකයේ බොහෝ රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය සඳහා ඒ රටට ජාත්‍යන්තර මට්ටමෙන් ගෞරවයක් හා කීර්තියක් අත්කර ගන්න ලෝකයේ ප්‍රධාන රටවල අන්තර් ජාතික සිනමා උළෙලවල් පවත්වනවා. එකී සිනමා උළෙල සඳහා ශ්‍රී ලාංකික නිර්මාණකරුවෝ, සිනමාකරුවෝ සහභාගි වෙලා අන්තර් ජාතික වශයෙන් ඇගයීම් වලට හා සම්මාන වලට පාත්‍ර වෙලා තිබෙනවා. ඒ අනුව වර්ෂ කිහිපයක් මේ රටේ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත් වුණ. එහෙත් පසුගිය කාල පරිජේදයේ දී එය සම්පූර්ණයෙන් නතර උනා. රාජ්‍ය අරමුදල් භාවිතා නොකොට සංචාරක අමාත්‍යාංශයත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ඒකාබද්ධ වෙලා වෙනත් අනුග්‍රහකයන්ගේ සහයෝගයත් ලබාගෙන අන්තර් ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇතිවෙන පරිද්දෙන් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පවත්වන්න සැලසුම් කරලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එ අනුව සිනා පට 34කට වැඩි සංඛ්‍යාවක් දැනට ලැබිලා තිබෙනවා. ඒ වගේම අන්තර් ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති ජූරි සභිකයන්ට ආරාධනා කරනවා මේ චිත්‍රපට විනිශ්චය සඳහා සහභාගිත්වය තහවුරු කරලා තිබෙනවා. සංචාරක අමාත්‍යාංශයත, හෝටල් කර්මාන්තයත් වෙනත් සිනමා කර්මාන්තයේ ඉන්න සිනමා ප්‍රවීණයනුත් දායක කරගෙන අමාත්‍යාංශ දෙකේම දායකත්වයෙන් හා අනුග්‍රහයෙන් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පවත්වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya