කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වැවිළි ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නමාම් යනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද එම ජාතික වැඩසටහන තුළ ජුනි 22 වනදා මහනුවරදී තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී විශේෂයෙන් වතුකරයේ ජීවත් වන තරුණ තරුණියන්ට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ලබාදෙන අයුරින් මෙම උළෙල සංවිධානය කරන බවද ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.