නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට විශේෂ බස් සේවාවක්

    ජූනි 20, 2024

    පොසොන් උත්සවයට සහභාගී වන ජනතාවගේ පහසුව සඳහා සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන් වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා  අතිරේක බස්රථ 400 ක් පමණ යොදවා ඇති  ,දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට ඩිපෝ කළමණාකාර මහත්වරුන්ට උපදෙස් ලබා දී  ඇතැයි බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස් මහතා පැවසුවේය. මෙම බස්රථ සේවාවන්  අද පස්වරුවේ සිට ආරම්භ වෙන අතර ජුනි මස 24 වන දින පෙරවරුවෙන් අවසන් කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම පැවසීය.

    ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව පැවසිය.

    ශ්‍රී ලංකාව තුළ උත්සවාකාරයෙන් සමරන මෙවර පොසොන් උත්සවය අනුරාධපුර පුජනිය නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟීන් අනුරාධපුර, තන්තිරිමලේ, මිහින්තලය පුජනිය නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව, මධ්‍යම බස්රථ කාර්යාලය, මහනුවර ප්‍රධාන බස් නැවතුම්පල, කුරුණෑගල ප්‍රධාන බස් නවතුම්පොලෙහි සිට පැය 24 පුරා ආවරණය වන පරිදි අනුරාධපුරය දක්වා බස්රථ යෙදවීමට සැලසුම් කර ඇති අතර මහව, ගල්ගමුව, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, මැදවච්චිය, කැකිරාව නගර වල සිට අඛණ්ඩව සේවාවක් අනුරාධපුරය හා මිහින්තලය ආවරණය වන පරිදි යොදවනු ලැබේ.

    උතුරු දුම්රිය මාර්ගයෙහි දුම්රිය ධාවන කටයුතු මහව දුම්රිය ස්ථානයට පමණක් සිමා වන හෙයින් දුම්රියෙන් පැමිණෙන බැතුමතුන් වෙනුවෙන් ඔවුන්ගේ ගමන් පහසුකම් වෙනුවෙන් මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර නගරය දක්වා ශ්‍රී ලංගම බස්රථ සේවාවක් දුම්රිය කාල සටහන් අනුව ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය බස්රථ මහව, ගල්ගමුව, හා වාරියපොළ, ශ්‍රී ලංගම ඩිපෝ මඟීන් යෙදවීමට උපදෙස් ලබා දී තිබේ.

    අදාළ බස්රථ සේවාවන් පිලිබඳ විස්තර 1958 දුරකථන අංකය ඇමතීමෙන් හෝ මධ්‍යම බස්රථ කාර්යාලයේ විමසීම් අංශයේ දුරකථන අංක 011-2328081 හෝ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) ගේ දුරකථන අංක 077-1065032 ඇමතීමෙන් ලබා ගත හැකිය.

    තව ද, මාර්ග ගත ක්‍රමය ඔස්සේ  https://sltb.eseat.lk/ යොමුව මඟීන් හෝ 1315 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සපයා තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ, අතිරේක සාමාන්‍යධිකාරී (කාර්මික) කීර්ති හේවාවිතාරණ යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya