නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් රථ වාහන අංශවලට අනුයුක්තව රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ගෙවන ත්‍යාග මුදල් වැඩි කෙරේ

    ජූනි 19, 2024

    වසර 13කට පසුව, පොලිස් රථ වාහන අංශවලට අනුයුක්තව රාජකාරි සිදු කරන නිලධාරීන් වෙත මෙතෙක් ගෙවනු ලැබු ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    පොලිස් රථ වාහන අංශවලට අනුයුක්තව රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරින් දෛනිකව අධික පැය ගණනක් මහාමාර්ගවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම රාජකාරිය ඉටු  කරනු ලබයි. එහිදි දැඩි අව් රශ්මිය මෙන්ම  දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද මාර්ග අනතුරු වලක්වා ගනිමින් ජාතික ධනය ඉතිරිකර මහජනතාවගේ ජිවිත හානි සහ දේපල හානි අවම කර ගැනිමට කටයුතු කර ගනිමින් මගින් සුරක්ෂිත කිරිම සදහා තම රාජකාරි කැප වීමෙන් යුතුව ඉටු කරනු ලබයි.රථවාහන හසුරුවන පොලිස් නිලධාරිනයා තම රාජකාරිය ආරම්භ කළ මෙහොතේ පටන් අවසන් වන තෙක්ම  මාර්ගයේ සිටගෙන සිටිමින් තම රාජකාරිය ඉටු කිරිම හා වාහන වලින් පිටවන විෂ දුමාරය නිරන්තරයෙන් ආග්‍රහණයවීමෙන් ඔවුන්ගේ ශරිර සෞඛ්‍යටද  අහිතකර බලපෑමක් සිදු වි ඇත.නමුත් රථ වාහන අංශවලට අනුයුක්ව රාජකාරි කරනු ලබන  පොලිස් නිලධාරීන් මෙවැනි තත්ත්වයන් ද නොසලකා හරිමින් මහජනතාව සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඔව්නුගේ ආරක්ෂාව වෙනුවෙන් දෛනිකව දැඩි වෙහෙසකාරීරාජකාරියක් ඉටු කරනු ලබයි.

    ඉහත කරුණු පිළිබඳව පොලිස්පතිවරයාගේ  දැඩි අවධානය යොමු වි තිබු අතර ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර මෙම තීරණය ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya