නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ථ රාජ්‍ය සේවයේම ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සඳහා ගිණුම් කාරක සභාව විශාල පිටුවහලක් වී තිබෙනවා - රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා

    ජූනි 19, 2024

    සමස්ථ රාජ්‍ය සේවයේම ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සඳහා ගිණුම් කාරක සභාව විශාල පිටුවහලක් වී  ඇතැයි , රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා  ප්‍රකාශ කළේය. ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  2022 වර්ෂය සඳහා රාජ්‍ය ආයතන වල තොරතුරු පිළිබඳ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව   අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදීය.

    රජයේ,  අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, හා පළාත් පාලන ආයතන 836ක ඇගයීම් කටයුතු දත්ත පද්ධතියක් හරහා සිදු කළ බවත්,  පාර්ලිමේන්තු තොරතුරු තාක්ෂණ අංශය  එම කටයුතු සිදු කළ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව සහ ආදායම වැඩි කර ගැනීමට ඩිජිටල් කරණය කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන්නේය.

    එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය කාරක සභා දෙකකට පැවරී තිබෙනවා.ඒ ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටයි.  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ රජයේ, එහි අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීමයි. ගිණුම් කාරක සභාවට ආයතන 836ක් අයත් වෙනවා.  එක් වර්ෂයකදී ආයතන 236ක් කැඳෙව්වා. නමුත් ඉතිහාසයේ කුමන වර්ෂයකදීවත් මෙම සියලුම  ආයතන පාර්ලිමේන්තුවය කැඳවීමට හැකියාවක් තිබුණේ නැහැ. එබැවින් 2015 සිට මේ දක්වා වසර 08ක් තිස්සේ මාර්ග ගත ක්‍රමය ඔස්සේ තොරතුරු ලබාගෙන මෙම ආයතනවල  විමර්ෂණ කටයුතු සිදු කරනවා.  ලකුණු ලබා ගත් ආයතන වල හෙට වුණත් වංචාවක් සිදු වීමට ඉඩ තිබෙනවා. නමුත් මෙම ගිණුම්කරණ ක්‍රියාවලිය සහ වාර්තා  දිහා බැලුවම එම ආයතනවල විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා.  සෑම උදෑසනකම මෙම සභාව තුළ ඒ ඒ අමාත්‍යංශ වල ගිණුම් කාරක සභා වාර්තා ඉදිරිපත් කරනවා.

    2015 සිට මේ දක්වා ප්‍රථම වතාවට 2023  වාර්තාව එළඹෙන නොවැම්බර් මාසයට ප්‍රථම ඉදිරිපත් කරනවා. මේ නිසා සමස්ථ රාජ්‍ය සේවයේම ගුණාත්මක  වර්ධනයක් ඇති වීම සඳහා විශාල පිටුවහලක් ඇති වී තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ තොරතුරු තාාක්ෂණ අංශය ඉතාමත් විධිමත් ලෙස මෙම දත්ත පද්ධතිය ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය ආයතන  වලට තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමට ඇති බාධාවන් මෙම ගිණුම් කාරක සභාවන් හඳුනාගෙන තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya