නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ඡායාරූප ප්‍රදර්ශනයක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ අතින් විවෘත වෙයි

    ජූනි 19, 2024

    හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජනරාල් කාර්යාලය විසින් වීරකැටිය, නයිගල රජ මහා විහාරයේදී “ඉන්දියාව ශ්‍රී ලාංකීය නෙත්දෙසින්” යන තේමාව යටතේ ඡායාරූප ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලදී.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජනරාල් හර්වින්දර් සිං (දකුණු පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කෙරුණි.

    ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල විවිධ ඡායාරූප රැසක්ම මෙම ඡායාරූප ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

    නයිගල රජමහා විහාරාධිපති හිමියන්ගේ අනුශාසනාවක් පරිදි  වෙසක් සතියට සමගාමීව මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වුණි

    වීරකැටිය ප්‍රාදේශීය ලේකම් අයි.ආර්. කේ. විතාරණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya