නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංවිධානයෙන් හෝමාගම කිරිවත්තුඩුව ගුරු දෙවි සුව අරණ ශිෂ්‍ය භික්ෂූන්ට මහා දානමය පින්කමක්

    ජූනි 19, 2024

    හෝමාගම කිරිවත්තුඩුව ගුරු දෙවි සුව අරණ භික්ෂු රෝහල සඟ සතු කර පූජා කිරීමෙන් අනතුරුව භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරුණු පළමු සංඝගත දක්ෂිණාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 120 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමිණි.

    සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ නිර්මාතෘ, අනුශාසක පුජ්‍යපාද ආචාර්ය කරදැටියන ගුණරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ මඟ පෙන්වීම යටතේ, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව පොසොන් වන්දනා සමය නිමිති කර ගනිමින් මෙරටට පැමිණි සිංගප්පූරු බෞද්ධ දූත පිරිසක්ද මෙම පුණ්‍ය ක්‍රියාව සඳහා එක්ව සිටියහ.

    පොසොන් සතිය තුළ අනුරාධපුරය සහ මිහින්තලේ දී මෙවැනි දානමය පුණ්‍ය ක්‍රියාවන් කිහිපයක් ද මෙම දූත පිරිස සිදුකිරීමට නියමිත අතර හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ධර්ම රශ්මි පොසොන් කලාපය නැරඹීමටද මෙම දූත පිරිස එක්වීමට නියමිත වේ.

    බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක එංගලන්තයේ බර්මින්හැම් ජේතවන විහාරාමාධිපති පූජ්‍යපාද පැපිලියාගොඩ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සිදු කෙරුණු මෙම සංඝගත දක්ෂිණාවට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංවිධානය නියෝජනය කරමින් පනහකට අධික බෞද්ධ දූත පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya