නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක  තරුණ බෞද්ධ සංඝ සභාවේ 20  වෙනි වාර්ෂික සමුළුව මෙවර යාපනේදී

    ජූනි 18, 2024

    ලෝක  තරුණ බෞද්ධ සංඝ සභාවේ 20  වෙනි වාර්ෂික සමුළුව මෙවර යාපනේ නාගදීප විහාරය කේන්ද්‍ර කර ගනිමින් ජුනි මස 22 හා 23 දිනයන් හි  පැවැත්වීමට නියමිත බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණවෙල අනුරුද්ධ නාහිමියෝ පවසති.රටවල් 24ක 350කට අධික දුත පරිසක් මෙම සම්මේලනයට සහභාගිවිමට නියමිත බව ලේඛකාධිකාරි මුගුණවෙල අනුරුද්ධ නාහිමියන් වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය.

    උන්වහන්සේ ,මේ බව පැවසුවේ ලෝක  තරුණ බෞද්ධ සංඝ සභාවේ 20  වෙනි වාර්ෂික සමුළුව පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    හැමදෙනාම බෙදි වෙන්වීමට කතා කරන යුගයක  අප මේ සමුළුවෙන් බලාපොරොත්තු වන්නේ,බැඳිම වර්ධ කිරිමයි. එසේම ථෙරවාද, මහායාන, තන්ත්‍රයාන,සෙන් හා වෙනත් කිය බෞද්ධ කොස්  බෙදිලා වෙන්වෙලා වෙන වෙන යාන ගැන කතා කරන යුගයක අපි බලාපොරොත්තු වන්නේ,බුද්ධයාන ලෙස පිරිසක් බවට පත් කරන්නයි අපි මේ සමුළුව වාර්ෂිකව පවත්වන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණවෙල අනුරුද්ධ නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

    එසේම මෙම මාධ්‍ය  හමුවට zoom  තාක්ෂණය ඔස්සේ එක්වෙමින් යාපනේ වැඩබලන දිස්ලේකම් ප්‍රදිපං මහතා සදහන් කළේ, මේ වන විට මෙම සම්මේලනය සදහා සියලු පහසුකම්   සපයා ඇති බවයි.

    මෙම සම්මේලනය සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන මෙන් ම රටවල් අතර සහයෝගය, සහෝදරත්වය වර්ධනය කිරිමට මෙය රුකුලක් වන බවයි.යාපනේ දිස්ක් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි , නාගදිප විහාරාධිකාරි දියමයිලගස්වැව අරියකිත්ති තිස්ස නාහිමියන් සදහන් කළේය.එමෙන් ම මෙම සමුළුට සහභාවිමට මෙන් ම උතුර නැරඹීමට සෑම දොනාටම ආරාධනා කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya