මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2022 අවසන් කාර්තුවේදී 12 % කටත් අඩු සෘණ ආර්ථිකයක් වාර්තා වූ රටක් ලෙස , මෙම තත්ත්වය දෙස සැබෑ ඇසකින් සාධනීයව බලන පිරිසට ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන දෙස බලාපොරොත්තුවකින් බැලිය හැකි තත්ත්වයක් බවයි. ලෝක බැංකු පුරෝකතනයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරට සාපේක්ෂව 2.2 % කින් මෙම වසර තුළදී වර්ධනය වෙනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය සෘණ 7 ඉක්මවා වාර්තා වූ රටක , වසර දෙකක් තුළ 2 % ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකිවීම ඉතා හොඳ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිලිවෙල පැහැදිලිව අනුමත කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර , කෙසේ වෙතත් ඉතා ප්‍රවේශමෙන් ඉදිරි ගමන යා යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇති බවද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.