පොසොන් සතිය තුළ විශේෂ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා මෙම පාසල් ලබා දීමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශ පියවර ගෙන ඇත. ඒ අනුව එළඹෙන විසි වන දා සිට විසි තුන් වන දින දක්වා මෙම පාසල් වලට නිවාඩු ලබා දී තිබේ .
මෙහිදී අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලය, අ/ ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය, අ/ වලසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය,අ/ විවේකානන්ද මහා විද්‍යාලය , අ/නිවත්තක චේතිය මහා විද්‍යාලය ,අ/ දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය ,අ /මහා බෝධිය විද්‍යාලය ,අ/ සහිරා මහා විද්‍යාලය ,අ/ තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය සහා ගලෙන්බිදුනු වැව අධයාපන කලාපයට අයත් අ/ මිහින්තලය මහා විද්‍යාලය ,අ/ කම්ම ලක්කුලම විද්‍යාලය ,අ/ පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය සඳහා නිවාඩු ලබා දී තිබේ