ජූනි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය ශක්තිමත් ව යළි ගොඩ නැඟීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවෙනවා - අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය

    ජූනි 15, 2024

    ආර්ථික අර්බුදය අවසන් කර, රටේ ආර්ථිකය ශක්තිමත් ව යළි ගොඩ නැඟීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

    වර්තමානයේ රටේ ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන්, විදේශ සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වමින් විශිෂ්ට නායකයෙකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට සහාය ලබාදී තිබෙන බව ද වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. රට ධාර්මික , සශ්‍රීක දේශයක් බවට පත්කිරීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බවත් අවධාරණය කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ඒ සඳහා කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව ද අමාත්‍යවරිය පැවසුවාය.

    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ අද පෙරවරුවේ (15) ඇඹිලිපිටිය නගරයේ, මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා කිලෝමීටර් භාගයකට ආසන්න විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සව අවස්ථාව ට සහභාගි වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් බවයි.

    " වසර 70 තිස්සේ රටට මොනව ද කළේ කියල සමහර දේශපාලන කණ්ඩායම් ප්‍රශ්න කරන බව පෙන්වා දුන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ගමට විදුලිය, වතුර ටික , ගමේ පාරවල් හැදුණු හැටි පමණක් ම නොව රටේ දරුණු යුද්ධය ක් තිබුණ කියල ත් දැන් බොහෝ දෙනෙකුට අමතක යැයි ද පැවැසුවාය.
    ඇතැම් කණ්ඩායම් රටට ඩොලර් නොයෙවන ලෙස විදේශ ගත ශ්‍රමිකයන් අතර මතයක් ව්‍යාප්ත කළ බව ත්, ඒ අතර තුර කෝවිඩ් 19 වෛරස වසන්ගතය හේතුවෙන් රටට සංචාරකයින් ද නොපැමිණීම හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇතිවූ බවත් අමාත්‍ය වරිය කියා සිටියාය.
    මෙම තත්ත්වය හමුවේ ඉන්ධන ආනයනය, ඖෂධ ආනයනය ට ඩොලර් අහිමිවී ගිය බවත් එය රටේ ජනතාවට පීඩා කාරි වාතාවරණයක් නිර්මාණය කළ බව ත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය. "

    රුපියල් ලක්ෂ 350 ක වියදමින් ඉදිකෙරෙන මෙම විකල්ප මාර්ගය ඉදිකිරීමෙන් ඇඹිලිපිටිය නගරයේ පවතින රථ වාහන තදබදය ට තිරසර විසඳුමක් ලැබෙනු ඇත.
    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය "වලව" කලාපය සඳහා වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන මඟින් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර, මෙම විකල්ප මාර්ගය ට සමගාමීව, මොරකැටිය බෙදුම් ඇළ හරහා පවතින පාලම සහ ඇඹිලිපිටිය සිට නෝනගම මාර්ගය ට සම්බන්ධ වන විකල්ප මාර්ගය ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත ය.

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කෞෂල්‍යා විජේවීර මහත්මිය, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් විශාඛා පීටර්ස් මහත්මිය, වලව මහවැලි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා, ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya