ජූනි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පොදු ප්‍රවාහනයට විද්‍යුත් වාහන හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු කරනවා - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

    ජූනි 15, 2024

    පෞද්ගලික වාහන වලට ප්‍රමුඛත්වය ලබාදෙන ආකාරයටම විද්‍යුත් වාහන පොදු ප්‍රවාහනයටත් හඳුන්වාදීම පිළිබඳව ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව සංවිධානය කරන විද්‍යුත් මෝටර්රථ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවට එක්වෙමිණි.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය , ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය  එක්ව Asia Exhibition ආයතනය සමග ප්‍රථම වතාවට ඉදිරිපත් කරන EV Motor Show විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනයේ දී විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන සහ අනාගතයේ දී ගෙන්වීමට බලාපොරොත්තු වන සියලුම විද්‍යුත් මෝටර් රථ ඒ හා සමාන තාක්ෂණය පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

    ඒ අනුව, ජුනි 28,29 හා 30 දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ දී වෙළඳ කුටි 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දායකතත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

    ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශය, මෙම වැඩසටහනට සහයෝගය ලබා දෙන බවත්, ප්‍රවාහන අමාත්‍යංශයට කලානුරූපිව ඉටු කළ යුතු වගකීම් රාශියක් තිබෙන බවත්, ඒ අනුව භාණ්ඩ හා මඟී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීම මිට දශක කිහිපයකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ වගකීම වුවත්, වර්තමානයේ රටේ ආර්ථිකයට, මෙන්ම මෑතක දී මෙරට ආර්ථිකයේ තිබෙන ගැටලුවට ඍජුව බලපානු ලබන්නේ ප්‍රවාහනය බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

    මෙරට පොදු ප්‍රවාහනය 80% ක දායකත්වයක් දී තිබුණත් එය 35%කට පමණ අඩු වී 65% ක් ම පෞද්ගලික වාහන භාවිතා කරමින් සිය ප්‍රවාහන අවශ්‍යතාවය සපුරාගැනීමට කටයුතු කිරීම නිසා මෙරටට අධිල ඉන්ධන පිරිවැයක්, අධික අමතර කොටස් සඳහා මුදල් වෙනත් රටවලට යාම සිදු වී තිබෙන හෙයින් වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශය භාණ්ඩ හා මඟී ප්‍රවාහනයෙන් ඔබ්බට ගොස් රටේ ආර්ථිකයට ඍජු ලෙස බලපා තිබෙන වගකීම් ඉටු කිරීම ද පැවරී තිබෙන බව ඒ මහතා පැවසිය.

    ප්‍රවාහන අමාත්‍යවරයා විදුලියෙන් ධාවනය වන නිෂ්පාදනය කරන වාහන හිමියන් හා ආයතන මෙන්ම අමතර කොටස් නිෂ්පාදනය කරන පුද්ගලයින් සමඟ සාකච්ඡා කර, එම කර්මානතශාලා වලට ගොස් සාකච්ඡා කර මේ සම්බන්ධව  විශේෂ අවධානයක් යොමු කරනු ලැබූ බවත්, එවැනි පරිසරයක් යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධව එම සියලුම පාර්ශ්ව වෙත සිය කෘතඥතාවය පල කරන බව ද හෙතෙම පැවසිය.

    ලෝකයේ අනිකුත් රටවල් හා සැසඳීමේ දී වායුගෝලය දුෂණය වීම අවම මට්ටමක රටක් ලෙස ඉදිරියෙන් තිබෙන මොහොතක මිට දශක කිහිපයකට පෙර මෙරට රථ ඇණිය සෑම වසරකටම වරක් දුම් පරීක්ෂණ වැඩපිළිවෙලකට යටත් ව තිබෙන බවත් මේ වන විට එම වැඩපිළිවෙල සාර්ථකව සිදු කෙරෙන බවත් හෙතෙම පැවසිය.

    මෙරට ලියාපදිංචි වාහන ලක්ෂ 80 ක් තිබෙන නමුත් ඉන් ධාවනය වන්නේ ලක්ෂ 60 ක් වුවත් මේ අතරින් ද මැයි මස 31 වන විට විද්‍යුත් වාහන ලෙස ලියාපදංචි වී ඇත්තේ වාහන 15,000 කට අසන්න ප්‍රමාණයක්, මෝටර් සයිකල් වලින් 8,000 ක් හා කාර් 5,500ක් පමණ බවත්, එවැනි පරිසරයක්තුළ මේ ආකාරයෙන් ප්‍රදර්ශනයක් පැවැත්වීම මෙම ක්ෂේත්‍රය උනන්දු කරවීම ජාත්‍යන්තර රටවල් සමඟ මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට, කර්මාන්තකරුවන්ට,  අමතර කොටස් නිෂ්පාදකයින්ට උනන්දු කරවීම ජාතික යුතුකමක් ලෙස තමන් විශ්වාස කරනබව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට Overland Auto Mobile Pvt.Ltd හි කළමනාකරණ අධ්‍යක්ෂ දහම් පෙරේරා, ඇතුළු නිළධාරී මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya