ජූනි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරින්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා - මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා

    ජූනි 14, 2024

    පොලිස් නිලධාරින්ගේ සුභසාධනය ඉහළ නැංවීම සඳහා  කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ,  අද(14) පෙරවරුවේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, 

    අපි දිගින් දිගටම ඔබ සියලු දෙනාගේ සුභසාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා.බටා එක අයින් කරලා ආහාර හා නවාතැන් දීමනාව ගෙනාවේ විශාල මුදලක් වැය කරලා.මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව එය ඉතා අපහසු කාර්යයක් වුණා.නමුත් මගේ ඉල්ලීම  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිඅරගෙන අපට ඒ අවශ්‍ය මුදල් ලබා දුන්නා.ඒත් ඔබ සියලු දෙනා දන්නවා ජනවාරි මාසේ ඉඳන් අපිට ඒ මුළු ගාන ගෙවා ගන්න හැකියාවක් තිබුණේ නෑ.මුදල් අඩුකම නිසා.අපි පුළුවන් මාස වල මුළු ප්‍රමාණයම ගෙව්වා.නමුත් ඒ අඩුවෙච්ච ප්‍රමාණය එන ජනවාරි පෙබරවාරි මාර්තු මාස තුන ඇතුළතදී ඒ සියලු මුළු මුදල ලබා දෙනවා.මෙවැනි තත්ත්වයක් රටේ තියෙද්දී 2022 ඉඳන් තිබුණ තත්ත්වය මම කියන්න ඕන නෑ.ඔබ සියලු දෙනාම දන්නවා ඒ අමාරුකම් ඇතුළේ උනත් අපි හැමතිස්සේම බැලුවේ ඔබ සැමට කළ හැකි සෑම දෙයක්ම කරන්න.පොලිස්පතිතුමාගේ මූලිකත්වයෙන් කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු බස්නාහිර පළාත නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති සියලු දෙනා එකතුවෙලා මේ පොලිසි වල කරන මේ වැඩ ගැන මම ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.එකම දේ අපි මේ සියලු දේ ඔබ වෙනුවෙන් කරනකොට මට එකම දෙයයි ඔබ සියලු දෙනාගෙන් අවශ්‍ය තමන්ගේ රාජකාරිය හරියට කරන්න.මහජනතාවගේ ප්‍රශංසා ලැබෙන විදිහට රාජකාරී කරන්න. තමන් අතරේ කවුරු හරි ඉන්නවනම්,වැරදි දේට යොමුවෙන ඒගොල්ලන්වත් හදාගන්න බලන්න.බලලා අපි එක පවුලක් හැටියට ඉදිරියට මේ රටට ලොකු සේවයක් කරන්න හිතේ තියාගන්න.ඒ මගින් මහජනතාව අපිට ඉදිරියේදී පොලිසියේ වැඩ වලට තව තවත් මහජනතාව අපිට උදව් කරයි අපිට එතකොට සුභසාධන කටයුතු තවත් වැඩිදියුණු කරන්න පුළුවන්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya