මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
ලබන වසරේ සිට ඔබ සියලු දෙනාගෙම වැටුප හමුදාවේ වැටුපට සමාන වැටුපක් ලැබෙන විදිහට අපි වැඩ කටයුතු කරනවා. මේ අවුරුද්දේ අපිට එය ක්‍රියාත්මක කරගන්න බැරි වුණා දැන් ඒක තමයි මම කෙරුවේ ආහාර හා නවාතැන් දීමනාව දීල ඒ දේ තමයි කෙරුවේ අපි බටා එක අයින් කරලා හමුදාවට ලැබෙන ගානම ලැබෙන්න ආහාර හා නවාතැන් දීමනාව පටන් ගත්තේ ගිය ජනවාරි මාසේ ඉඳන්.
නමුත් ඔබ සියලු දෙනා දන්නවා ඒකත් හැම මාසෙම සියයට සීයක් අපිට ගෙවන්න බැරි වුණා. තියෙන මුදල් තත්වය නිසා.නමුත් පුළුවන් මාසවල සියයට සීය ගෙව්වා. බැරි ඒවයේ අඩුපාඩුව අපි ඊළඟ ජනවාරි පෙබරවාරි මාර්තු ඒ මාස තුන ඇතුළෙදි මේ අවුරුද්දේ අඩුපාඩු වෙච්ච මුළු මුදලම ලබා දෙන්න කටයුතු කරල තියෙන්නේ ඉතින් අපි අදත් කරන්නේ අපේ පොලිසියේ හොඳට වැඩ කරපු අයව අගයලා මම හිතන්නේ කෝටි දෙකකට වඩා අධික මුදලක් බෙදා දීලා අපි කරන්නේ. පොලිස්පතිතුමා ඇවිල්ලා කතා කරලා මේ දේ කරන්න ඕන කියලා කීවා. අපි ඔබ සියලු දෙනාම බලාගන්න ඕන කියලා අපි හැමතිස්සෙම හිතපු හින්දා.
මම හැමදාම ඉල්ලනවා වගේ මට ඕන හරියට වැඩේ කෙරෙන්න හොරකම් නොකරන්න පගා නොගහන්ඩ එහෙම කරන අතලොස්සත් එකතු වෙලා හදාගන්න ඒවා කරන එක නවත්ත ගන්ඩ එහෙම කරලා අපි පොලිස් දෙපාර්තමේන්තුව ගැන මහජනයා කතා කරනකොට හොඳ කතා කරන තැනකට ගේමු. අපි සියලු දෙනාම එකතුවෙලා ඉදිරියේදී අපේ වැඩ කොටස කරමු. මේ යුක්තිය මෙහෙයුම දිගින් දිගටම තව අලුත් ක්‍රමවලට මම පොලිස්පතිතුමා එක්ක කතා කරන්න ඉන්නේ ම තලයකට ඒක ගේන්න ඕන.ඒ වගේම කාන්තාවන්ට හා ළමයින්ට වන හිරිහැරවලින් ඔවුන් මුදවා ගන්න අපි ක්‍රමවේදයක් පටන් ගත්තා.හැබැයි සමහර පලාත්වල ඒක තාම මට ඕන විදිහට කෙරෙන්නේ නෑ.
අපි වෙනම ටෙලිෆෝන් නම්බර් එකකුත් දීලා 109 මේ පැමිණිලිවලට ඒක පටන් ගත්තට තව මීට වඩා හොඳට කෙරෙන්න ඕන ඒ හින්ද කරුණාකරලා ඔබ සියලු දෙනා සමග වැඩ කරන අනෙක් පොලිස් නිලධාරි මහත්ම මහත්මීන්ටත් කියලා කියල මේ දෙක ඉතා හොඳින් දිගටම කරගෙන යන්න ඕන ඒවගේම අපි මේ වගේ උත්සව තියනවට වඩා අද උත්සවය තිබ්බේ ඔබ සියලු දෙනාම දිරිගන්වන්න අපි ඒ කටයුතුත් දිගින් දිගටම කරගෙන යන්න පොරොන්දු වෙමින් ඔබ සියලු දෙනාටම එන අවුරුද්ද මීටත් වඩා හොඳ අවුරුද්දක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.