සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසදා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහිදී සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මොඩර්න් ආර්ට් සඳහා සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.