නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් ගුරු­ව­රුන්ගේ දීම­නාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

    ජූනි 12, 2024

    පෙර පාසල් ගුරුවරුන්හට මෙතෙක් ලබාදුන් රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


    ඒ අනුව පෙර පාසල් ගුරුවරුන් 8700කට රුපියල් 5000 බැගින් දීමනාව අඛණ්ඩව ඉදිරියට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී  පෙර පාසල් ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන්කළේය.
    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
    පෙර පාසල් විෂය භාරව තිබෙන්නේ ජනාධිපතිවරයට. පසුගියදා පැවැති රජයේ වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ දී මේ පිළිබඳව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය ඉදිරිපත් කරලා තිබුණ විශේෂ පත්‍රිකා පිළිබඳව සාකච්ඡා කරලා ලංකාවේ සෑම පෙර පාසල් සේවයේ නියුතු ගුරුවරුන්ට මාසිකව ගෙවන රුපියල් 2500ට දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කර ගෙවීම සඳහා කමිටු තීරණයට කැබිනට් අනුමැතිය ලැබුණා. වෙනත් කමිටුවකදි තමයි ජනාධිපතිවරයා එම තීරණය ලබාදුන්නේ. පෙර පාසල් සඳහා වන සියලූම ගුරුවරුන්ට දැනට ගෙවන 2500 දීමනාව මුදල් විෂය භාර ඇමැතිවරය ලෙස 5000 දක්වා වැඩිකර ගෙවීම සඳහා වන තීරණය ලබාදුන්නා. පෙරපාසල් ගුරුවරු 8700කට පමණ රුපියල් 5000ක බැගින් දීමනාව අඛණ්ඩව ඉදිරියට ලබා දෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya