ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේ ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව ඉදිරියට

    ජූනි 11, 2024

    ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index - 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට ඒමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

    ඒ අනුව රාජ්‍ය නොවන සංවිධාන, එසේත් නොමැති නම් NGO ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබේ. ඒ අනුව Doing Good Index - 2024 ශ්‍රේණිගත කිරීම් අනුව  Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

    පසුගිය කාලය පුරාම මෙරට සිදු කෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණ  වල ප්‍රතිඵල වලට අනුව, රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය දර්ශක වල ඉදිරියට ගෙන ඒමට හැකිවූ බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන,තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.

    කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය තායිලන්තය හා වියට්නාමය යන රටවල් ද මෙම කාණ්ඩයට ඇතුළත් අතර,  2022 වර්ෂයේ මෙම  දර්ශකයට අනුව ශ්‍රී ලංකාව  ඇතුළත් වූයේ  Not Doing Enough කාණ්ඩයටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya