ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු ඩොලර් 225,000 කට අධික පිළිකා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙයි

    ජූනි 11, 2024

    මෙරට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරණු ලබන අත්‍යවශ්‍ය පිළිකා  ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම අද දින (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදු විය.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු  කලාපයේ සුබසාධන අධ්‍යක්ෂ - Mr. Mickey Lui මහතා විසින් එම ඖෂධ තොගය නිළ වශයෙන් භාරදෙන ලද අතර  එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 225,000/= කට අධිකය. 

    මෙම වර්ෂයේ (2024) පෙබරවාරි මසදී සෞඛ්‍ය අමාත්‍යංශය සහ LDS Latter – day saints charities (USA) ආයතනය අතර ඇතිකර ගත් අවබෝධතා  ගිවිසුමට අනූව මෙරටට ලැබුනු  පළමු ඖෂධ තොගය මෙයවේ. එම අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ වර්ග 13 ක් මෙරටට ලැබෙන අතර  එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට අධිකය. මෙරට  වර්ෂයක පිළිකා ප්‍රතිකාර සදහා එය  ප්‍රමාණවත් වනු ඇත.

    Abiraterone Acetate -250 mg tablet, Anastrozole 1 mg tablet, Capecitabine 50mg tablet, Carboplatin 450mg/45ml Vial 450mg Injection, Ciplatin 50mg /50ml vial 50mg  Injection, Dacarbazine 200mg vial 200mg Injection, Docetaxel 4mgVial  80mg Injection, Docetaxel 80mg/4mg Vial 80mg Injection, Irrinotican 100mg/5ml Vial 80mg Injection ඇතුලු තවත් පෙති වර්ග, එන්නත් වර්ග පිළිකා  ඖෂධ එම තොගයට ඇතුලත් වේ.

    මෙම ඖෂධ භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය  අසේල ගුණවර්ධන , වෛද්‍ය සැපයුම් අංශයේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් , LDS Latter – day saints charities (USA) ආයතනය නියෝජනය කරමින් Mr.Eric Chen -Asia Regional Humanitarian Director සහ Ms. Ada Lam යන මහත්ම මහත්මීන්ද  සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya