ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් මහතා අතර හමුවක්

    ජූනි 11, 2024

    සංවර්ධනය වමින් පවතින රටවල් සමඟ පැවැත්වෙන බ්‍රික්ස් විදේශ අමාත්‍ය සැසිවාරය - 2024 සඳහා සහභාගී වීමට මේ වන විට රුසියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ (10) රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.

    මෙම හමුවේදී, සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගිතාව යන ක්ෂේත්‍රවලද ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට විදේශ අමාත්‍යවරු දෙදෙනා එකඟ වූහ. 

    මෙම හමුවේදී, අමාත්‍ය සබ්රි මහතා, රුසියානු සන්නද්ධ හමුදාවලට බැඳුණු ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ ගැටලුව කෙරෙහි රුසියානු විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවූ අතර ඔවුන් මුහුණ දෙන ගැටලු විසැඳීම සඳහා ඔහුගේ සහය ඉල්ලා සිටියේය. 

    මේ සම්බන්ධයෙන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිස සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර 2024 ජූනි 26 - 27 යන දිනවල පැවැත්වීමට නියමිත ඉදිරි රැස්වීමේදී මෙම ගැටලු සවිස්තරාත්මකව සමාලෝචනය කොට තත්ත්වය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ එකඟතාවක් ඇති කර ගැනිණි.

    අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම පරිදි, මින් ඉදිරියට ශ්‍රී ලංකාවෙන් රුසියානු හමුදාවලට බඳවා ගැනීම් සිදු නොකිරීමටද එකඟතාවක් ඇති කර ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya