ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොලඹ නගරය ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් - මෙහෙයුම් කටයුතු ලබන අගෝස්තුවේ සිට ඇරඹේ

    ජූනි 11, 2024

    කොලඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.

    පසුගිය 06 දා සිට මෙහි පෙරහුරු පරික්ෂණයක් ද ක්‍රියාත්මක බවයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා වෙන් කෙරුනු මුදල රුපියල් මිලියන 5,500 කි. ව්‍යාපෘතිය ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම මේ දිනවල සිදුකෙරෙන බැවින් එම පුහුණුව හා පෙරහුරු පරීක්ෂණ අවසන් වූ වහා ම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සදහන් කරයි. මේ සදහා නව ආයෝජකයන් තිදෙනෙකු ඉදිරිපත්ව තිබේ. ඉන් එක් ආයෝජකයෙකු තෝරාගැනීම සදහා වන යෝජනාව ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

    දිනෙන් දින  ඉහළ යන කොළඹ නාගරික ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසදීමේ අරමුණින් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ තිබූ හුණුගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වලවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රදවනයක් සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙත පැවරී තිබිණි. කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්‍යස්ථාන 02 ක් ඉදිකිරීම හා ඊට අදාල දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදුවිය. මෙම ව්‍යාපෘතිය මුලින් ම සැලසුම් කර තිබුණේ, කොළඹ අගනගරය ආශ්‍රිතව ජනනය වන කසල මෙට්‍රික් ටොන් 1200 ක් කැළණිය කසල හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් එහිදී සම්පීඩනයට ලක්කර බහාලුම් පෙට්ටිවල අසුරා දුම්රිය මගින් ප්‍රවාහනය කර අරුවක්කාලුවලදී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීම සදහායි. එහෙත් මේ වන විට බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන මගින් බැහැර කෙරෙන අවශේෂ කසල සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමට හැකිවන පරිදි මෙම පහසුකම් ඉදි කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya