ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අතිරේක රුපියල් මිලියන 8,750ක්

    ජූනි 11, 2024

    නැවතී ඇති අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 8,750 ක අතිරේක ප්‍රතිපාදන වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් වූ පසු නැවත පියවීමේ අපේක්ෂාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    එබැවින් මෙය වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්මේන්තුවක් නොවන බව හෙතෙම අවධාරණය කරයි.

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ, නැවත පියවීමේ අපේක්ෂාවෙන් ලබා ගන්නා මෙම මුදල හේතුවෙන් අයවැය පරතරයට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

    පසුගිය වසර කිහිපයක තුළ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් අත්හිටුවීමට සිදු විය.

    ග්‍රාමීය මාර්ග, පාලම්, කුඩා වැව්, ඇළ මාර්ග, ග්‍රාමීය රෝහල් සහ පාසල් වැනි ව්‍යාපෘති අතරමග නැවතීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජන නි‍‍යෝජිතයන්ගෙන් සේම විවිධ සංවිධාන මගින් ද ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවට අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනුව, ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ විගස මෙරට සංවර්ධන ව්‍යාපෘති සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya