ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාව පීඩාවට පත් නොකර වර්ජනය අවසන් කර සේවය සඳහා වාර්තා කරන්න - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    ජූනි 10, 2024

    වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති සමග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේ දී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය රියදුරු වෘත්තිය සමිතියෙන් ඉල්ලා සිටියේය.

    දීර්ඝ කාලයක් තිස්සේ නොවිසිදුනු ප්‍රශ්නයක් මම කැබිනට් මණ්ඩලයට ගෙනිහිල්ලා උසස්වීම් ලබාදීම සඳහා 2024 මාර්තු මාසයේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළා . ඒ අනුව දුම්රිය රියදුරන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රියා පටිපාටිය මේ වන විට සිදුවෙමින් පවතින පවතිනවා. තුන්වෙනි පන්තියෙන් දෙවැනි පන්තියේ සඳහා උසස් උසස්වීම් සඳහා දුම්රිය රියදුරන් 75 දෙනෙකුගෙන් ඉල්ලුම්පත් ලැබී ඇති අතර මේ වන විට ඉන් 70 දෙනෙකු සඳහා උසස් වීම් සඳහා ලිපි ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඉතිරි අය සඳහාද නියමිත ක්‍රියා පටිපාටිය අනුව ඉදිරියේදී උසස්වීම් ලබාදීමට කටයුතු කරන බැවින් පොදු මහජනතාව පීඩාවට පත් නොකර වර්ජනය අවසන් කර රාජකාරී සඳහා වාර්තා කරන ලෙස දැන් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෘත්තිය සමිති ක්‍රියාවන්ට නොගිහින් සෑම විටම තම ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන්ම විසඳා ගැනීමට කටයුතු කරන ලෙසද වෘත්තිය සමිති නියෝජිතයින්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට ‍ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ , අතිරේක ලේකම් එල්.එස්. තිලකරත්න, වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ මහත්වරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් හා දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya