ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ආසියානු පළමු සමුළුව ජුනි මස 17 සිට 21 දක්වා බත්තරමුල්ලේදී

    ජූනි 10, 2024

    අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ට්‍රේලියානු,නවසිලන්ත හා ආසියානු පළමු සමුළුව ජුනි මස 17 සිට 21 දක්වා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දී  පැවැත්වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යෘංශයේ ලේකම්,ඩබ්.එම් සත්‍යනන්ද මහතා පවසයි. මෙම සමුළුව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා   අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

    “පරිසර හිතකාමි  සංචාරක ව්‍යාපාරය සදහා තෙත්බිම් හා තෙත්බිම්  මධ්‍යස්ථාන”යන්න මෙවර සමුළුවේ තේමාව වේ.

    රටවල් 15 ක සංවිධාන 60කට නියෝජිතයින් 100කට ආසන්න පිරිසක්  මෙම සමුළුවට සහභාගිවිමට නියමිත බවත්,මෙහි ප්‍රධාන අරමුණ ලෙස තෙත්බිම් සංරක්ෂණය,ආරක්ෂා කිරිම,ජෛව විවිධත්වය ආරක්ෂා කිරිම,සමතුලිතාවය රැක ගැනිම,ආදිය පිළිබඳ එකිනෙකාගේ දැනුම හුවමාරු කරගැනිම බව ද ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.එමෙන්ම රටපුරා ම මෙම දියත් කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව කීය.

    මෙම අවස්ථාවට එක් වු බස්නාහිර  පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති,සුගත් හේවාපතිරණ මහතා පැවසුවේ,කොළඹ තදාසන්න ප්‍රදේශවල විශේෂයෙන් බස්නාහිර පළාත තුළ අධික ජනගනත්වය හා සංවර්ධන ක්‍රියාමාර්ග ඔස්සේ තිරසර සංවර්ධන සදහා ගත හැකි එක් පියවරක් ලෙස ගංවතුර පාලනය කරගැනිම සදහා අප විසින් රැකගතයුතු පාරිසරික සාධක තවදුරටත් වන සතුන්ට වගේම ජෛව විවිධත්වය නඩත්තු කිරිම සදහා මෙම තෙත්බිම් උපකාරි වන බවත්, මෙම සමුළුවේදි මෙම ස්ථානවලට  විදේශීය මාධ්‍යවේදින් යොමු කර ලංකාවට සංචාරකයින්ගේ ආකර්ශණය ලබා ගැනිමට මෙය අවස්ථාවක් කරගන්න බවයි.

     මෙම සමුළුවට  සමාගමිව ජුනි මස 21 වන දින විදේශයෙන් පැමිණෙන මාධ‍්‍යවේදින් සදහා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් හා සීතාවක දුම්රිය චාරිකාවක් සංවිධානය කර ඇති බවත් එහි පුර්ණ අනුග්‍රහය බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලය දරණ බවත්  සභාපති සුගත් හෙවාවිතාරණ කීය.

     තිරසර සංචාරක සංවර්ධන ගමනාන්ත ලෙස නව සංකල්පයක් මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින බවත්, ලංකාවේ පළමුවරට  සිගිරිය ප්‍රදේශයේ අවට එය ක්‍රියාත්මක කරන  බවත් සභාපතිවරයා කීය.මෙහි ,දෙවන තිරසර සංචාරක සංවර්ධන කලාපය ලෙස අවිස්සාවේල්ල සිතාවක කලාපයේ පිහිටුවිමට මේ වන විට සියලු  කටයුතු සුදානම් කර ඇති බවත්,එය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුවට සමගාමිව ජුනි මස 21 වන දින විවෘත කිරිමට බලාපොරොත්තු වන බවයි.එසේම දුම්රියෙන් අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශය පැමිණෙන මාධ්‍යවේදීන් එම ප්‍රදේශයේ තිබෙන උද්භිද උද්‍යානයට  කැඳවාගෙන යන බවත් කීය.මෙහි අරමුණ වන්නේ මෙරට සුන්දර පරිසර කලාප පිළිබඳව මෙම පරිසරවේදීන් මගින් ලොව පුරා ප්‍රචාරයක් ලබා ගැනිම බස්නාහිර  පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති,සුගත් හේවාපතිරණ මහතා වැඩිදුරටත් කිය.

    මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවේ සභාපති,හිරාන් බලාසුරිය,ආචාර්ය එන්,එස්,වජේරත්න නි.සාමාන්‍යාධිකාරි,( තෙත්බිම් කළමනාකරණ),ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධන කිරිමේ සංස්ථාවේ රනෝෂි සිරිපාල ඇතුළු පිරිසක් එක්ව සිටියහ. බස්නාහිර  පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති,සුගත් හේවාපතිරණ මහතා

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya