ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය සමරයි

    ජූනි 10, 2024

    ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 1999 වර්ෂයේ ජුනි මස 10 වන දින ස්ථාපිත කල ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කල සැමරුම් උත්සවයක්  පසුගියදා(08)  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකූණාමලය නාවික තටාකාංගණයේ කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා කිමිදුම් නිලධාරීන් සහ නාවිකයන් බිහිකිරීම වෙනුවෙන් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව අවශ්‍ය පුහුණුව ලබාදීම අරමුණු කරගනිමින්,  වත්මන් නාවික හමුදාධිපති,  වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාඑවකට ප්‍රථම අණභාර නිලධාරී වශයෙන් සහ නාවිකයන් හය දෙනෙකු ගේ කාර්යය මණ්ඩලයකින් යුතුව නාවික හමුදා කිමිදුම් පුහුණු පාසල 1999 වර්ෂයේ ජුනි මස 10 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේදී ආරම්භ කෙරිණි.

    ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් සහ ගලවා ගැනීමේ ඒකකය 1965 වර්ෂයේ ජනවාරි මාසයේදී ආරම්භ කර ඇති අතරඑම අංශය ආරම්භයේ සිට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රි ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන දිය යට මෙහෙයුම් සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබයි. දීර්ඝ ඉතිහාසයක් සහිත නාවික හමුදා කිමිදුම් අංශයේ වෘත්තීය නිපුණු පිරිස් බලය දිය යට මුදවා ගැනීම්ගලවාගැනීම්බිඳ දැමීම් සහ ඉදිකිරීම් වෙනුවෙන් අවශ්‍ය විශේෂඥ කිමිදුම් සහයනාවික හමුදාවට පමණක් නොව වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන් වෙතද ලබාදෙනු ලබන අතරත්‍රිවිධ හමුදා විශේෂ බලකා වෙත කිමිදුම් පුහුණුව ලබාදීම සඳහා ද නාවික හමුදා කිමිදුම් අංශය දායකවේ. 

    නාවික හමුදා කිමිදුම් පාසලේ 25 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කල සැමරුම් උත්සව අවස්ථාවේදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිකිමිදුම් මෙහෙයුම් සහ කිමිදුම් පුහුණුව වෙන් වෙන් වශයෙන් සිදුකිරීමේ අරමුණින් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කිමිදුම් නිලධාරීන් සහ නාවිකයන් පුහුණු කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් පාසල ආරම්භ කෙරුණු බව ප්‍රකාශ කරන ලදි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිනාවික හමුදා කිමිදුම් අංශයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවත්සතුරු භූමිය තුල ඉදිරියට ගොස් විශේෂ කිමිදුම් මෙහෙයුම් සිදුකල එවකට කිමිදුම් අංශය භාර නිලධාරී වශයෙන් සහ පසුව නාවික පාබල අංශය ආරම්භ කිරීමට දායකවූ කොමාණ්ඩර් ශාන්ති බහාර් සිදුකල සුවිශේෂී කිමිදුම් මෙහෙයුම් පසුකාලීනව දිගුදුර මෙහෙයුම් සිදුකිරීම සඳහා අනෙකුත් හමුදාවන්ගේ විශේෂ බලකා විසින්ද ආභාෂයට ගෙන ඇති බවත්එවැනි කීර්තිමත් ඉතිහාසයක් මෙම අංශයට පවතින බවත් පවසන ලදි.

    කිමිදුම් අංශය වැනි විශේෂ ඒකක සඳහා සුවිශේෂී දරාගැනීමේ ශක්තියක් සහිත නාවික හමුදා පුද්ගලයන් අවශ්‍ය බවත්ඒ සඳහා අති දුශ්කර විශේෂ පුහුණුවක් අවශ්‍ය බවත්,  විශේෂයෙන් දරා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා පුහුණුකරුවාගේ හැකියාව සහ නායකත්වය යෙදවිය යුතු බවත්  අවධාරනය කල නාවික හමුදාධිපතිසැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුකූලව කිමිදුම් අංශය මෙන්ම අනෙකුත් විශේෂ බලකායන්ගේ පුහුණුව සිදුකලයුතු බවත් පවසන ලදි. 

    නාවික හමුදා කිමිදුම් පාසල ආරම්භයේ සිට මේ දක්වා එහි අණභාර නිලධාරීන් ලෙස කටයුතු කල නිලධාරීන්ගේ සේවය කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කල නාවික හමුදාධිපතිඒ තුලින් නාවික හමුදාවට දක්‍ෂ කිමිදුම් නිලධාරීන් සහ නාවිකයන් දායාද කෙරුණු බවත්වර්ථමානයේදී නාවික හමුදා කිමිදුම් අංශය ඉහළ වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් පවසන ලදි. නාවික හමුදාවේ විශාල නෞකාවන් වෙත අවශ්‍ය කිමිදුම් නිලධාරීන් සහ නාවිකයන් මෙම කිමිදුම් පාසල වෙතින් ඉදිරියේදී බිහිකිරීම අපේක්‍ෂා කරන බවත්,  දැනට කිමිදුම් අංශයේ ඇති කාන්තා දායකත්වය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්‍ෂා කරන බවත් ප්‍රකාශ කරන ලදි.

    නාවික හමුදාව වර්ථමානයේදී කිමිදුම් ක්‍ෂේත්‍රයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල කාර්යය භාරයක් සිදුකරමින් සිටින බව පැවසූ නාවික හමුදාධිපති ඒ තුළින් මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා නාවික හමුදාවට දායක විය හැකි වනවා පමණක් නොවමෙම ක්‍ෂේත්‍ර‍යේ ඉදිරියේදී විවර වන පුළුල් පරාසයක රැකියා සිදුකිරීම සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් හටද  අවස්ථාව හිමිවන බවත්ඒ සඳහා ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුතුව අවශ්‍ය පුහුණුවදැනුම සහ අත්දැකීම් නිරතුරුව වර්ධනය කරගත යුතු බවත් පවසන ලදි.

    තවදමෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩනාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජෙය්ෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යේෂ්ඨ හා  කණිෂ්ඨ නිලධාරීන් මෙන්මනාවික හමුදා කිමිදුම් පාසලේ පළමුවන ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කල පාලක ප්‍රධාන සුළු නිලධාරී (විශ්‍රාමික) එම්ඒසීඑන් අන්සාරී ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya