ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසැල් ගුරුවරුන්ට රජයෙන් ලබාදෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවේ

    ජූනි 10, 2024

     පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා ඊයේ (09) අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැති අතර එහි දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා පෙර පාසැල් ගුරුභවතුන්ගේ රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ගරු ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් දුන් බව එහි දී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya