ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සමයේ අනුරාධපුරයේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් 400ට වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක්

    ජූනි 10, 2024

    පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව හාරසියයකට (400) වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේය.

    අනුරාධපුර ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලයේ දී පසුගිය දා (08) පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.

    ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනුව, ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව මෙවර පොසොන් සමයේ අමතර බස්රථ හාරසීයක් යෙදවීමට කටයුතු කර තිබේ.

    අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු පොසොන් කමිටුවේ සිදු කළ සාකච්ඡා අනුව කාර්ය මණ්ඩල යෙදවීම, අතිරේක බස් රථ යෙදවීම සහ අතිරේක බස් රථ ගාල් කිරීම පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට සැළසුම් කර තිබේ.

    හදිසි සම්පාදන අවස්ථා හා අනතුරු සම්බන්ධයෙන් රජරට ප්‍රාදේශිකයේ ප්‍රධාන ධාවන කළමනාකාරතුමාගේ නායකත්වයෙන් මූලිකත්වයෙන් මේ කාලය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීමට කටයුතු කර තිබේ.

    එමෙන්ම, අවශ්‍ය වන ප්‍රථමාධාර කටයුතු සුබසාධන කටයුතු ඇතුළු විශාල වැඩසටහනක් ද සකස් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya