ඉන්ධන ඇතුළු භාණ්ඩවල මිල අඩු වෙමින් තිබෙන විට එහි වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බවට ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. පුළුල් වූ වෙළඳපොළක් රට තුළ තිබීම නිසා පාරිභෝගිකයා අසාධාරණයට ලක් වන බවත් ආර්ථික පරිහානිය සහ කොවිඩ්වලින් පසුව වෙළඳුන් අධික ලාභයක් ලබන්න ක්‍රියා කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.
පාරිභෝගික පනත වසර 20 ක් පමණ සංශෝධනය කර නොමැති බවත් දැනට පවතින පනත වෙනස් කර කැබිනට් අනුමැතිය ගෙන නීතිවරයාට මේ වන විට යොමු කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.