නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූදු නියාමන අධිකාරී පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

    ජූනි 07, 2024

    සූදු නියාමන අධිකාරී පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය


    මෙරට ක්‍රියාත්මක වන කැසිනෝ ආයතන නියාමනය සම්බන්ධයෙන් සහ නව බලපත්‍ර ලබාදීම් පිළිබඳ අද (07) පාර්ලිමේන්තුවේ දී මතු කළ කරුණකට අදාළව අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
    මෙරට කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් නියාමන පනතක් සකස් කිරීම පිළිබඳ මුලින්ම ඉදිරිපත් වූයේ 2010 වර්ෂයේදී බවත් එහෙත් එය ක්‍රියාත්මක නොවූ අතර 2022 වර්ෂයේදී අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරමින් එම ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව මූලික අවස්ථාවේ දී කැසිනෝ බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් අය කළ කෝටි 20 ක මුදල 2023 වර්ෂයේ සිට කෝටි 50ක් බවට පත්කළ බවත් පෙන්වා දුන්නේය.
    එමෙන්ම කැසිනෝ ව්‍යාපාරිකයන්ගේ මුළු ආදායම් එකතුවෙන් සියයට පහළොවක බද්දක් රජය අය කරන බවත් ශ්‍රී ලාංකිකයෙක් මේ හා සම්බන්ධ වන විට ඩොලර් පනහක් අය කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට අමතරව ආදායම් බදු ලෙස කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් 40%ක් අය කරගන්නා බවත් පෙන්වා දුන්නේය. මේ සඳහා Online බලපත්‍ර ලබාගැනීම වෙනුවට විධිමත් ලියාපදිංචිය සඳහා ව්‍යාපාරිකයන් යොමු වූයේද රාජ්‍ය මැදිහත්වීම තුළින් මේ සම්බන්ධව යම් පාලනයක් ක්‍රියාත්මක වන නිසා බව ද අමාත්‍යවරයා පැවසීය. මේ වන විට මෙම පනත මහ බැංකුවේ මූල්‍ය බුද්ධිඅංශයේ විමර්ශනයට ලක් කර ඇති බවත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ද යොමු කර ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් සූදු නියාමන අධිකාරි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya