නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි මස අවසානයේ දී සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරනවා - අධ්‍යාපන ඇමති

    ජූනි 07, 2024

    ජූලි මාසය අවසන් වන විට සියලු විෂය ධාරා පවතින පාසල් සියල්ල ඒකරාශී කර තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. මේ වන විට  ප්‍රමුඛපාසල් 1500ක් පමණ ජාලගත  කිරීම ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ ඊයේ(05)පැවති වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. 

    , කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට පාසල්වලට මුදා හැරීමත් සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. එසේ ම ඊට අවශ්‍ය ‘ස්මාට් බෝඩ්' භාවිතය, අන්තර්ජාල ආදී දැනුම් මූලාශ්‍ර භාවිතයෙන් දැනුම යාවත්කාලීන කරගැනීමේ පරිචයක් ලැබෙන පරිදි අවශ්‍ය ගුරු පුහුණුවීම් ලබා දිය යුතු ව ඇති බවත් ඒ අතර ගුරුවරුන්ගේ ලෙඩ නිවාඩු ගැනීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ද මුහුණ දීම වශයෙන් උද්ගත වන අභියෝග ජයගත යුතු ව ඇත්තේ ලෙඩ නිවාඩු දැමිය නොහැකි දරුවන්ගේ අයිතිවාසිකම් රැක දීම වෙනුවෙන් බවත් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya