නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි 1 වැනිදා සිට විදුලි බිල පහළට

    ජූනි 06, 2024

    ජූලි 1 වැනිදා සිට විදුලි බිල පහළ දැමීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද(06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය

    එහිදී ගෘහස්ථ කාණ්ඩවලට වැඩි සහනයක් ලබා දීමට තීරණය කළ බව අමත්‍යවරයා පැවසුවේ ය. ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (07) මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙනු ඇති බව ද එහිදී අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව, ඒකක 0-30 දක්වා ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ද ඒකක 30-60 දක්වා ඒකකයක මිල රුපියල් 20 සිට 9 දක්වා ද ඒකක 60-90 දක්වා ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා ද ඒකක 120 දක්වා රුපියල් 50 සිට 30 දක්වා පහළ දැමීමට යෝජනා කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya