නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බල මණ්ඩලයේ සේවාවන් කාර්යක්ෂම කිරීමට නම් මෙම  නව විදුලි බල පනත් කෙටුම්පත අත්‍යාවශ්‍යයි

    ජූනි 06, 2024

    විදුලි බල මණ්ඩලයේ සේවාවන් කාර්යක්ෂමකිරීමට නම් මෙම  නව විදුලි බල පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද(06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය. විදුලි බල ක්ෂේත්‍රයේ නව මාර්ගයක් කරා විවර වන  විදුලි බල පනතට සහය ලබා දෙන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය

     අද වන විට ලෝකයේ අනෙක් රටවල් සියල්ල  දැවි තෙල් සහ ඩීසල් වලින් ඈත් වෙමින් ස්වභාවික වායුන් කෙරෙහි යොමු වෙමින් පවතින බවත්, ඒ සඳහා ආයෝජනය කිරීමට නම් මුදල් අවශ්‍ය බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ආණ්ඩුවට ඒ සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව පෙන්වා දුන්නේය. ලෝකයේ අනෙක් රටවලට ආයෝජනය කිරීමට හැකි තරම් හොඳම විභවයන් උතුරු නැගෙනහිර පළාත්වල තිබුණද එම විභවයන් පාවිච්චි කිරීමට නම් පෞද්ගලික ආයෝජන සඳහා අවස්ථාව ලබා දිය යුතු බවද අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය. 

    විදුලි බල මණ්ඩලයේ තිබෙන මේ සිස්ටම් එක අප්ඩේට් කරන්න නම් ආයෝජන අවශ්‍යයි. බලශක්ති සුරක්ෂිත තාවය 100%ක් රජය සතුව පවත්වාගෙන යාමට අපි යෝජනා කර තිබෙනවා.ආයෝජකයෝ නැතිව අපිට මෙම සම්ප්‍රේෂණ සිදු කරන්න බැහැ.

    විදුලි බිල ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8 , 6 දක්වාද ඒකක 30-60 රුපියල් 20 , 9 දක්වාද  ඒකක 60-90  රුපියල් 30 , 18 දක්වාද  ඒකක 90- 120 රුපියල් 50 ,30 දක්වා ද අඩුකරන බවද අමාත්‍යවරයා කීය.

    මෙම පනත සඳහා එල්ල වන ප්‍රධානම චෝදනාව තමයි ආණ්ඩුව කලබලයේ මෙම පනත ගෙනාවා කියන එක. පසුගිය කාලයේ එල්ල වුණු  ප්‍රධාන චෝදනා තමයි සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි වීම, කාර්යක්ෂමතාව සහ විදුලි බිල පිළිබඳ, නූතන ලෝකයට ගැලපෙන ආකාරයට විදුලි බල පනත සංශෝධනය වී නැහැ.  විදුලි බල  ක්ෂේත්‍රයේ  නව පනත නොමැතිව අපට ඉදිරි අනාගතයට  විවෘත්ත වෙන්න  බැහැ.අද අපි  දේශපාලක්ඥයින් හැටියට බැනුම් අහනවා. නමුත් ඇමතිවරු නෙමේ මේ සඳහා තාක්ෂණික උපදෙස් ලබාදෙන්නේ.   විදුලි බල මණ්ඩලය තරම් ඒකාධිකාරයට නතු වූ ආයතනයක් තවත් නැහැ. විවිධ ඇමතිවරු  මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්න උත්සාහ කළත් ඇතුලේම ඉන්න වෘත්තීය සමිති කණ්ඩායම් කිහිපයක් මෙය කඩාකප්පල් කළා.2022 ජුනි මාසයේ තමයි පළමුවරට විදුලිබල පනත ගෙනෙන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන සෑම කෙනෙකුටම මේ සඳහා තොරතුරු ලබා දෙන ලෙස ආරාධනා කළත් කිහිප දෙනයි  සහභාගී වුණේ.  විවිධ පුද්ගලයින් සමග සාකච්ඡා කරල තමයි පළමු වාර්තාව ඉදිරිපත් කළේ. පසුගිය ආණ්ඩුව ගෙදර යවන්න විදුලි බල මණ්ඩලය හේතු වුණා.ඇමතිවරයාගේ බලය වැඩි කරන්න  මෙම පනත ගේනවා කියලා ඇතැම් අය චෝදනා කරනවා. එහෙනම් දැන් තියෙන පනත තමා ඊට සුදුසුම පනත.  විදුලි බල මණ්ඩලයේ දැන් තිබෙන  සේවාවන් බොහොමයක් තියෙන්නේ පුද්ගලික අංශය සමග. විදුලිය විසන්ධි කිරීම් ගස් අතු කැපීම් සියල්ල කරන්නේ පුද්ගලික ආයතනයන්.පසුගිය සමයේ විදුලි බිල වැඩි කිරීමට සිදු වූයේ ඇයි? නිසි කලට විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා

    පසුගිය දිනවල පැවති අපදා තත්වය හමුවේ ජනතාවට විශාල සේවයක් ලබා දුන් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ටද අමාත්‍යවරයාගේ ස්තුතිය හිමි විය. විශාල සේවයක් කළ සේවක පිරිසක් විදුලි බල මණ්ඩලයේ ඉන්නවා. ඔවුන්ගේ සේවයේ ඇගයීමක් තියෙන්න ඔින. ප්‍රසාද දීමනා සහ උසස් වීම් කළ යුත්තේ යුනියන් නොවේ. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya