ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පළමුව සුබපැතුම් එක් කරමින් සඳහන් කළේ, කලා ක්ෂේත්රයට රන්දෙණිය මහතා සිදු කළ අමරණීය සේවය පිළිබඳ සියලු දෙනාගේ සුබපැතුම් පිරිනැමිය යුතු බවයි. ඉන් පසුව ආණ්ඩුව වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද සුබපැතුම් පළ කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
අපේ රටේ සිංහල සිනමා වංශකථාවේ රංගධරයකු වූ මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ද ලෙස කටයුතු කළ රවීන්ද්‍ර රන්දෙණිය සූරීන්ගේ උපන්දිනය වෙනුවෙන් හා ඔහුට උපහාර වෙනුවෙන් පැවැත්වෙන උපහාර උලෙළ වෙනුවෙන් සුබපැතුම් පිරිනමනවා. ලංකා ආණ්ඩුව හා ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස එතුමාට සුබපැතුම් පිරිනමන අතර, මා නිෂ්පාදන කළ සිරිමැඳුර චිත්‍රපටයේ ඔහු සිදු කරන ලද රංගනයට එතෙරත් මෙතෙරත් වචනයක්වත් කතා නොකර හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගන්න පුළුවන් වුණා. එවැනි ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර රන්දෙණිය මහතාට ආණ්ඩුව වෙනුවෙන් ජනාධිපතිවරයාගෙත් අගමැතිවරයාගෙත් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයෙත් ගෞරවනීය උපහාරය පුද කරනවා.