නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පරිසර දිනයට පේරාදෙනිය විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිසකගෙන් පැණි වරකා පැළ 1500 ක් රට පුරා සිටුවීමේ වැඩසහනක්

    ජූනි 05, 2024

    ලෝක පරිසර දිනයට සමගාමීව ශාක ඝණත්වය ඉහළ නැංවීම හා ආහාර සුරක්ෂිතතාව අරමුණු කරගනිමින් පේරාදෙණිය විශ්ව විදයාලයේ කෘෂිකර්ම පීඨය හා ලංකෙම් ලංකා පොදු සමාගම එක්ව අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රදේශයේ ගොවි ජනතාව වෙත කොස් පැළ බෙදා දීම හා මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ගොවිපලෙහි රුක් රෝපණ වැඩසටහනක් අද (05) ක්‍රියාත්මක කරනු ලැබීය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ  Green Heart කණ්ඩායම හා ලංකෙම් ලංකා පොදු සමාගම එක්ව Project Re-Leaf යන තේමාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය යටතේ පැණි වරකා පැළ 1500 ක් දීප ව්‍යාප්තව සිටුවීමට මෙම කණ්ඩායම බලාපොරොත්තු වේ.ඒ අනුව දිස්ත්‍රික්ක 08 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත්, එහි සමාරම්භක වැඩසටහන මෙලෙස අනුරාධපුර මහඉලුප්පල්ලම පිහිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපවිශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

    එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුලු ගොවීන් වෙත පැණි වරකා පැළ බෙදා දීම මෙන්ම  මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ගොවිපලෙහිද පැණි වරකා පැළ රෝපණය සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට මහඉලුප්පල්ම බීජ පර්යේෂණ ආයතනයේ හා කෘෂිකර්ම පීඨයේ, ශාඛ අභිජනන පිළිබඳ විද්‍යාඥ කේ.එන් කන්නංගර මහතා, ජේෂ්ඨ කථිකාචාර්ය පරාක්‍රම වැලිගම මහතා,   ලංකෙම් ලංකා පොදු සමාගමේ සාමාන්‍යාධිකාරී වරුණ සාගර මහතා ඇතුළු නිළධාරීන්, කෘෂිකර්ම පීඨයේ Green Heart සිසු සිසුවියන් හා ගොවි ගෙවිලියන්  පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya