නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කල සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව සූදානම් - නව සංශෝධන ගෙනෙන්නේ නැහැ

    ජූනි 05, 2024

    විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇති බවත් ආණ්ඩව වෙනත් සංශෝධන කිසිවක් ඉදිරිපත් නොකරන බවත්,  විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන  විජේසේකර මහතා අද(05)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.

    යෝජිත නව විදුලිබල පනත සහ ශේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ සවස අනුමත කරනු ලැබුවේය. ඒ අනුව එම පනත හෙට(06) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya