නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ ගංවතුරට යට වූ තේ ගස් මඬරොල්ල නිසා මිය යාමේ තර්ජනයක්

    ජූනි 05, 2024

    පසුගිය දින කිහිපය තුළ පැවැති අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් දකුණු පළාතේ විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වී ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය අවධාරණය කළේය.

    මේ සම්බන්ධව අද දින (05)  පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම නිලධාරින් සමග සාකච්ඡාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    ගංවතුර නිසා බොහෝ තේ වගාවන් ජලයෙන් යට වී තිබුනි. ගංවතුර බැස ගිය ද ගංවතුර නිසා ඇතිවූ මඩරොල්ල තේ දළුවල හා තේ පත්‍රවල තැවරීම හේතුවෙන් තේ ගස් මිය යාමේ තර්ජනයක් මතුවීමට  ඉඩ ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශේෂඥයෝ අවධාරණය කළහ.

    මේ නිසා කුඩා තේ වතු ආරක්ෂා කර ගැනීම සඳහා තේ වගා කරුවන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, තේ පත්‍රවල මඩ තැවරී ඇත්නම් ඒවා ජලයෙන් සෝදා හෝ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    තේ ගසක ආයු කාලය වසර 30ක් පමණ වන අතර තේ ගසක් වැඩෙන්නට වසර තුනක පමණ කාලයක් ගත වේ. මේ නිසා ගංවතුර හේතුවෙන් විනාශ විය හැකි තේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    එමෙන්ම ගංවතුර හා අධික වර්ෂාව නිසා වී වගා කර තිබු කුඹුරු අක්කර 15,000ක් පමණ වීනාශ වී ඇත. එසේම එළවළු වගා කර තිබු ඉඩම් රැසක් ද වැස්ස නිසා විනාශ වී ගොස් තිබේ. මෙම වගා හානි සියල්ලම පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

    මෙම වගා හානි සඳහා වන්දි ගෙවීමේ වැඩ සටහනක් අරඹන බව ද අමාත්‍යවරයා කීය.

    වැස්ස නිසා එළවළු වගා කළ බිම් විශාල ප්‍රමාණයක් විනාශ වීම හේතුවෙන් ඉදිරි කාලය තුළ එළවළු මිල ඉහළ යාමට ඉඩ ඇතැයි පැවසූ අමාත්‍යවරයා ගෙවතු වගා වැඩ සටහන් අරඹන්නැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya