2023 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් දිවයිනෙන්ම ගණිත අංශයේ ප්‍රථමයා බවට පත්වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරාත් නිරෝධ සිසුවා වන අතර ඊට අමතරව ඉංජිනේරු තාක්ෂණවේදයෙන් දිවයිනෙන්ම සයවැන්නා ලෙසත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමුවැන්නා ලෙසත් සමත් වීමට එම විද්‍යාලයේම ඉරෝෂ ලක්ෂාන් පෙරේරා ශිෂ්‍යයා සමත් විය.
මෙම ජයග්‍රහණ ඇතුළු සමස්ත ලංකා හා දිස්ත්‍රික් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට ආනන්ද විද්‍යාලයේ කලා, වාණිජ, ගණිත, විද්‍යා හා තාක්ෂණ අංශවල සිසුහු සමත්ව සිටින අතර උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සිසුන් 179ක් පෙනී සිටි විෂයයන් තුනටම A සාමාර්ථය හිමිකරගෙන සිටීම ආනන්දය අධ්‍යාපනයෙන් ඉහළ දර්ශකයකට ළඟාවීමකි.