නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේත් දිස්ත්‍රික්ක කිහිපයක පාසැල් වැසෙයි

    ජූනි 04, 2024

    දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්  සඳහා හෙට(05) නිවාඩු ලබාදි ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරතිබේ.

    එමෙන්ම රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් , නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් පළාත් අධ්‍යාපන ලේකම්වරු  මෙම තීරණය දැනුම්දී තිබේ.

    හෙටින් පසු  කාලගුණ තත්ත්වය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවද එම නිවේදනයෙ සඳහන්ය.  

    ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබේ.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya