හෝමාගම අධ්‍යාපන කලාපයේ දරුවන්ට සුහුරු පන්ති කාමර 100ක් ලබා දීම සජිත් ප්‍රේමදාස මහතා අනුකරණය කිරීමක් ද ? යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟු පැනයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හෝමාගම අධ්‍යාපන කලාපය තමන් අධාපන අමාත්‍යවරයා ව සිටි කාලයේ බස්නාහිර පළාතෙන් 11 වන ස්ථානයේ සිටි නමුත් මේ වන විට 05 වන ස්ථානය දක්වා රැගෙන විත් තිබෙන අතර ඒ සඳහා අවංකව කැප වීම එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි දී සඳහන් කළේය.
ඉතා විශාල ලෙස පර්යේෂණ, විශේෂඥ වාර්තා, ජාතික අධ්‍යාපන කොමිසම් සභාවල වාර්තා යනාදිය මත අනුව සිට මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිලිබඳ තීන්දු තීරණ ගැනීමේ දී කටයුතු කරන බව තමන් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වශයෙන් තමන් ඒ පිළිබඳව දන්නා බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාතික අධ්‍යාපන නව ප්‍රතිපත්තියක් යටතේ අධ්‍යාපන වෙනස්කම් නිර්දේශ කරනු ලබන්නේ වෙනම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කැබිනට් අනුකාරක සභාවක් මඟීන් හා විශේෂඥ කමිටු සියල්ලෙහි නිර්දේශ මත බව හෙතෙම මෙහි දී සඳහන් කළේය.
මිට වසර කිහිපයකට පෙර මෙරට උසස් පෙළ සඳහා විද්‍යා, කලා, හා වාණිජ වශයෙන් විෂය ධාරා තුනක් තිබුණු අතර මෙරට බොහෝ දරුවන් පිරිසක් උපාධිධාරීන් ලෙස 50% වඩා වැඩි පිරිසක් බිහි වූයේ කලා විෂය ධාරාවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස උපාධිය සමත් - රැකියා විරහිත වීම මෙන්ම තිබෙන රැකියා වලට ගැළපෙන උපාධිධාරීන් බිහි නොවීම උපාධිධාරීන් රැකියා විරහිත වීමට ප්‍රධාන හේතුව වී තිබුණි.
ඒ අනුව, විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නියමනුකුල මානව සම්පත් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, එමඟින් විභාග සමත්-ජීවිතය අසමත් දරුවන් බිහි වන බවත් පවසූ අමාත්‍යවරයා තමන් අධ්‍යාපන අමත්‍යවරයාව සිටි කාලයේ දී නව තාක්ෂණ විෂය නව විෂය ධාරාවක් ලෙස හඳුන්වා දීමට කටයුතු කළ අතර සියලු එක හා සමාන පහසුකම් හා ප්‍රමිතීන්ගෙන් යුතුව මහින්දෝදය විද්‍යාගාර 1000ක් දිවයින පුරා පාසල් පද්ධතියට එක් කිරීමට කටයුතු කළ බවත්, මේ වන විට බොහෝ දරුවන් තාක්ෂණ විෂය ධාරාව හැදෑරීම මඟීන් ඔවුන්ගේ අනාගත කටයුතු සපුරාගැනීමට එමඟින් හැකිව තිබෙන බවත් හෙතෙම පැවසිය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක වූ අමාත්‍යවරයා;
“පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව දක්වා වන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම පාසල් 03 බැඟින් මහින්දොදය තාක්ෂණික විද්‍යාගාර 1000 ක් ඇතිකළා. ඒ දහස තුළ දෙමහල් ගොඩනැගිල්ලේ පරිගණක 40කින් යුතු පරිගණක විද්‍යාගාරයක්, පරිගණක 20 ක් තිබෙන භාෂාගාරයක්, ගණිතාගාරයක් මෙන්ම දුරස්ථ අධ්‍යාපන ඒකකයක් වශයෙන් පන්තිකාමර 04 ක් එක්ක එක පාසලකට පරිගණක 62 ක් බැඟින් වන පරිදි මෙම විද්‍යාගාර නිර්මාණය කලා.
නමුත් මෙම විද්‍යාගාර 1000 විවෘත කරන්න ගිහින් දේශපාලන කතා 1000 ක් පවත්වලා නැති එක මගෙන් වුන වැරද්දක්.
ඊළඟට අපේ කාලයේ තාක්ෂණය කවදාවත් තිබුනේ නැති නිසා ඉංජිනේරු තාක්ෂණය සඳහා යන්ත්‍ර සුත්‍ර උපකරණ සහිතව පළමු මහළ, දෙවන මහළ ජෛව පද්ධති තාක්ෂණය සඳහා උපකරණ සහිතව, තාක්ෂණ විෂය ධාරාව හදාරන දරුවන්ට පන්ති කාමර 04 ක් බැඟින් තාක්ෂණ විද්‍යාගාර 251 ක් මෙරට පාසල් 251 ක පිහිටා තිබෙනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබුණේ පීථ තුනක් නමුත් මේ වන විට තාක්ෂණ පිථ ද තිබෙනවා. තාක්ෂණ විෂය හද්දරපු උපාධි ධාරීන් මෙමඟින් බිහි වෙනවා. කෙටි කාලයක් තුළ වැඩිම පිරිසක් ඉල්ලුම් කරන්නේ තාක්ෂණ විෂය ධාරාවට.
මේ සඳහා මිලියනයක් වියදම් කරලා සුහුරු පන්ති කාමරයක් ලබා දුන්නම එය මාධ්‍ය වල ලබා දෙන ප්‍රචාරණයෙන් අබමල් රේණුවක වත් දැනුවත් කිරීමක් සමාජයේ වුනේ නැහැ. ඒ වෙනුවට ජනතා විමුක්ති පෙරමුණත්, අනිකුත් අන්තගාමි බලවේගත් විසින් විද්‍යාගාර 1000 ප්‍රතිනිර්මාණය කරන වෙලාවේ දී මුළු රට පුරාම මට සහ එස්.බි. දිසානායක මහතාට විරුද්ධත්වය පල කරමින් පෝස්ටර් ගැහුවා.
එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත්, එක්සත් ජාතික පක්ෂය, අනිකුත් දේශපාලන පක්ෂත් මේ සඳහා උදවු කළා. අනිත් කිසිවෙකුත් උදවු නොකලා පමණක් නොව ඒ සඳහා විශාල පීඩනයක් ද ගෙන දුන්නා වගේම ජනතාවිමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් විසින් මහින්දෝදය විද්‍යාගාර 1000 න් එක විද්‍යාගාරයකින් මිලියනයක් බැඟින් මිලියන 1000 ක් මගේ පාර්ලිමේන්තු බැංකු ගිණුමට බැර වන බවට අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා” යනුවෙනි.
එහෙත් තමන්ට එවැනි ගැරහුම් ලැබුනත් රටේ අධ්‍යාපනයේ හැරවුම් ලක්‍ෂයක් නිර්මාණය කිරීමට හැකි වූ බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.