නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලේ අදාල වෙනස්කම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය

    ජූනි 04, 2024

    ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලට අදාල වෙනස්කම් කිරීම සදහා ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුමැතිය ලබාගත් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    රටේ ජාතික වශයෙන් අතිශය තීරණාත්මක ගැටලුව වනුයේ විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය බව ප්‍රකාශ කළ කැබිනට් ප්‍රකාශකවරයා විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොකොට මේ රට දශමයක් හෝ ඉදිරියට ගෙනයා නොහැකි බව අවධාරණය කළේය.

    මෙරට ආණ්ඩුවේ කවුරු ජනාධිපති වුවද, කවුරු ආණ්ඩුව කළද ලංකා ඉතිහාසයේ පසුගිය දශක තුන හතර පුරාවට ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් ලැබී නොමැති බවද පාරවල්, පාලම් වේලි සෑදීම් බස්, දුම්රිය මැදිරි ගැනීම් ආදී සෑම දෙයක්ම දෙස් විදෙස් ණය මත සිදුකළ බවද සිහිපත් කළේය.

    එම ණය ගෙවීමට නොහැකි වී ඇති බැවින් නැවත ණය ලබාගැනීමට අසීරු වී ඇති බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා මින් පෙර ආණ්ඩු පවත්වාගෙන යාමේ වියදම් පියවාගැනීමට ආදායම් නොමැති බැවින් විනයක් නැතිව කටයුතු කරමින් ඔවුන් මුදල් අච්චු ගසා එම වියදම් දරු ඇතැයිද පැවසුවේය.

    මෙම ගැටලුවට පිළියම් සෙවීම සදහා ජනාධිපතිවරයා මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙන්ම රටේ රාජ්‍ය නායකයා වශයෙන් ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයිද එම පනත සම්මත වී එහි ඉලක්ක අනූව ගමන් කළහොත් පමණක් ඕනෑම බලයට පත්වන ආණ්ඩුවක් සති 02කට වැඩි කාලයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවද වැඩිදුරටත් සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya